Tue12112018

Last updateFri, 07 Dec 2018 3pm

Local News

ඉන්දු ශාන්තිකර කලාපයේ සාමය සහ නිදහස් සාගර ගමනාගමනය තහවුර කිරිමේ අවශ්‍යතාව අගමැති පෙන්වා දෙයි.

මෙරට වරාය විදේශිය හමුදා කටයුතු සදහා භාවිතයට ඉඩක් නැති බව අගමැති අවධාරනය කරයි.
දකුණු ආසියානු සහ බෙංගාල බොක්ක කලාපිය රටවල අනාගත ජනගහනය ඉලක්ක කොට අනාගත ආයෝජන හා නිෂ්පාදන සැලසුම් සකස් කිරිමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. මෙම කලාපයේ ජනගහනය ඉදිරි වසර 20 ක කාලය ඇතුලත මිලියන 250 දක්වා ඉහල යනු ඇත.

ඒ අනුව සැලසුම් සකස් කිරිම ජපාන රජයට පමණක් නොව ජපාන පෞද්ගලික ව්‍යවසායකයන් මත පැවරෙන වගකිමක් බව වික්‍රමසිංහ මහතා කියා සිටි. ජපානයේ ඊයේ පැවැති ප්‍රධාන පෙලේ ව්‍යවසායකයන් සහභාගි වු ව්‍යාපාරික සමුලුව අමතමින් අගමැතිවරයා මේ බව සදහන් කලේය. ජපාන විදේශ වෙළෙද සංවිධානය. ජපාන වෙළෙද හා කර්මාන්ත මණ්ඩලය. ජපාන ශ්‍රි ලංකා ව්‍යාපාරික සහයෝගිතා කම්ටුව. ජපානයේ නව බලශක්ති හා කර්මාන්ත තාක්ෂණ සංවර්ධන සංවිධානය එක්ව සමුලුව සංවිධානය කර තිබිණ.

ගෝලිය පරිසරය පිලිබදව ශ්‍රි ලංකාවේ කියවිම හා ජපානයේ වැදගත්කම යන්න වික්‍රමසිංහ මහතාගේ දේශනයෙහි තේමාව විය. අනාගත ලෝකයේ වැදගත්ම කලාපය බවට ඉන්දු ශාන්තිකර සාගර කලාපය පත්වන බව අවධාරනය කල අගමැතිවරයා එම කලාපයේ නිදහස් සාගර ගමනාගමනය තහවුරු කිරිම සහ සාමය ආරක්ෂා කිරිම සදහා කලාපයේ රටවල් ක්‍රියාකල යුතු බව පෙන්වා දුන්නේය. කලාපිය සාමය හා ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රි ලංකාව වගකිම් සහිතව කැපවි සිටි. රටේ කිසිදු වරායක් කිසිදු අවස්ථාවක විදේශිය හමුදා කාර්යයන් සදහා භාවිතා කිරිමට ඉඩක් නැත. රටේ වරායන්හි ආරක්ෂිත වගකිම් පැවරි ඇත්තේ ශ්‍රි ලංකා නාවික හමුදාවට පමණක් බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය


මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අයෝජකයන් සහ ව්‍යවසාකයන් වෙනුවෙන් මිත්‍රශිලි වටපිටාවක් ශ්‍රි ලංකාවෙහි දැන් සකස් කරමින් පවතින බව පැවසිය. එක් ආයතනයක් හරහා සියලු කාර්යයන් ඉටුකර ගැනිමට හැකි වන අයුරින් නිති සම්මත කර ගැනිමට ද රජය ක්‍රියාකරන බව හෙතෙම පෙන්වා දුන්නේය.. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාද ව්‍යාපාරික සමුලුව ඇමතිය.