Tue10232018

Last updateMon, 30 Jul 2018 10am

Local News

2030 වනවිට ශ්‍රි ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරිම ඉලක්කය බව අගමැතිවරයා කියයි.

වසර 2030 වනවිට ශ්‍රි ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරිම ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසය.ි ඒ සදහා ග්‍රාමිය ආර්ථිකය නංවාලිමේ පැහැදිලි වැඩපිළිවෙලක් රජය සතුය. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට අලුතින් බඳවාගත් දහසකට පත්විම් ලිපි ප්‍රදානය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා මේ කරුණු සදහන් කළේය රට පෙරට ගෙනයාම රජයට තනිව කළ හැක්කක් නොවේ. ඒ සදහා සියලු අංශවල සහාය රජයට ලැබිය යුතුය. දේශිය හා විදේශිය ආයෝජන මගින් රටතුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැංවිමේ අඩිතාලම දැනටමත් සකස් කර ඇතැයි අගමැතිවරයා පැවසිය.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්විමත් සමග රට නව මාවතකට යොමු විය. සියලු පක්ෂ එක්ව එකම අරමුණක් කරා ගමන් කිරිම රටතුළ ඇතිවු වෙනසයි. ජාතික ප්‍රතිපත්තියක් යටතේ රට පෙරට ගෙන යාමට රජය ක්‍රියා කරන බව වික්‍රමසිංහ මහතා සදහන් කළේය. රට හමුවේ ඇති දැවැන්ත ණය බර අඩු කර ආදායම ඉහළ නැංවිමට රජය සමත්ව සිටි. රටේ ආර්ථිකයේ පැහැදිලි පරිවර්තනයක් ිසිදු කර ජනතාවට ඉහළ ආදායම් තත්ත්වයක් ලබාදෙමින් ඔවුන්ට සුබවාදි අනාගතයක් උදා කර දිමේ රජයේ වැඩපිළිවෙල සදහා සහාය දෙන්නැයි අගමැතිවරයා සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටියේය.


ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා අදහස් දක්වමින් දක්ෂතාව හා කුෂලතාව මත සුදුස්සන් රාජ්‍ය සේවයට බඳවා ගැනිමෙන් ජනතා සේවය ශක්තිමත් කළ හැකි බව පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවය කාර්යක්ෂ්ම හා ඵලදායි කිරිම සදහා රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදිමට රජය සූදානමින් සිටි. මැතිවරණ ප්‍රතිඥාවක් ඉටු කරමින් රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවිමට රජය ක්‍රියා කළ බවද ඇමතිවරයා පැවසිය. ඇමති වජිර අබේවර්ධන මහතා ද එම අවස්ථාවට එක්විය.