Fri11162018

Last updateWed, 14 Nov 2018 6pm

Local News

උත්සව සදහා ගම්බිම් බලාගිය ජනතාවට කොළඹට පැමිණිමට විධිමත් පහසුකම්

 

උත්සව සදහා ගම්බිම් බලා ගිය ජනතාවට යලිත් කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවලට පැමිණිමට උපරිම ප්‍රවාහන පහසුකම් ෂලසා ඇතැයි. ඊට සම්බන්ධ ආයතන සදහන් කරයි. ලබන මස 2 වැනිදා දක්වා විශේෂ අවධානයක් යොමු කොට මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රාජා ගුණතිලක මහතා පවසයි. නුවර. කුරුණැගල සහ. ගාල්ලේ සිට කොළඹට වැඩි බස්රථ ප්‍රමාණයක් යොදවා තිබේ. ඒ ඒ ඩිපෝ කළමණාකරුවන් එහිදි අවශ්‍යතාවය අනුව පියවර ගනු ඇත. මගි අවශ්‍යතාවය අනුව අතිරේක බස්රථ කැදවිමට සියලු කටයුතු සකස් කර ඇතැයි පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පලේ සහකාර කළමණාකරු එම් කිර්තිපාල මහතා සදහන් කලේය. මගින්ට කිසිදු ගැටලුවක් ඇතිවිමට ඉඩනොතැබේ. මේ අතර අතිරේක දුම්රිය මෙන්ම සාමාන්‍යයෙන් ගමන් ගන්නා දුම්රිය වලට අතිරේක මැදිරි එකතු කිරිමට ද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.