Fri11162018

Last updateWed, 14 Nov 2018 6pm

Local News

ගොවි කම්කරු ජනතාවට සහන සලසන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇතැයි විජිත් විජයමුණි සොයිසා ඇමතිවරයා කියයි.

රජය මෙවර ඉදිරිපත් කර ඇත්තේ ගොවි කම්කරු ජනතාවට සහන සලසන අයවැයක් බව විජිත් විජයමුණි සොයිසා මහතා කියයි. දිළිදු ජනතාවට ද එමගින් සහන ලැබී තිබේ. සමෘද්ධිලාභීන්ට . වකුගඩු හා පිළිකා රෝගීන්ට සහන සලසමින් මෙවර අයවැයෙන් දැවැන්ත සුභසාධන වැඩපිළිවෙලක් රටට හදුන්වා දී ඇතැයි ඇමතිවරයා පැවසුවේ ශ්‍රීි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීය. රට මුල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ පළමු පියවර මෙවර අයවැයෙන් තබා තිබේ . වාරිමාර්ග ක්‍ෂේත්‍රය සදහා ද එමගින් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත. බිඳවැටුනු ජන ජීවිතය යලි ගොඩනැංවීම සදහා මෙවර අයවැයෙන් පියවර ගෙන තිබේ. ත්‍රස්තවාදය නිමා කළද මහින්ද රාජපක්ෂ රජයට කළ නොහැකි වු සංහිඳියාව ගොඩනැංවීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ වත්මන් රජය සිදු කර ඇතැයි ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශාන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රීි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සියලු දෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග සිටින බව පැවසීය. නව පක්ෂයක් පිහිටුවීමට දර්ශනයක් තිබිය යුතුය. යම් යම් පුද්ගලයන්ගෙන් පළි ගැනීමට පිහිටුවන පක්ෂවලට ආයුෂ නැතැයි ඔහු සදහන් කළේය.
රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වුවාය.