Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

Local News

ජනාධිපතිතුමා කල ප්‍රකාශයක් වැරදි අර්ථ නිරුපණයට ලක් කිරිමට බංකොලොත් දේශපාලන කණ්ිඩායමක් උත්සහ කරමින් සිටින බව ඇමති කබිර් හෂිම් මහතා කියයි.

ජනාධිපතිතුමා පසුගිය දා කල ප්‍රකාශයක් වැරදි අර්ථ නිරුපණයකට ලක්කිරිමට බංකොලොත් දේශපාලන කණ්ඩායමක් ප්‍රයත්න දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි. ඔවුන් ප්‍රකාශ කරන පරිදි ජාතික ආණ්ඩුව තුල පුපුරා යාමක් හෝ ප්‍රධාන පක්ෂ දෙක අතර සමගිය බිදවැටිමක් සිදුවි නොමැති බව අමාත්‍යවරයා අවධාරනය කරයි. කැගල්ල වට්ටාරම ඵෙතිහාසික රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධාන කෙරෙන
ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පිලිබදව අද එම විහාරස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසු ඔහු මේ බව ප්‍රකාශ කලේය.
අද රණවිරුවන් පිලිබද හඩ නගන විමල් විරවංශ සහ මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රිවරුන් එදා ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා බලහත්කාරයෙන් සිරගත කරන අවස්ථාවේ නිහඩව සිටියේ මන්දැයි කබිර් හෂිම් මහතා ප්‍රශ්ණ කරයි. නිතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින් සාධාරණ සමාජයක් ගොඩනැගිම රජයේ අරමුණ බවද ඇමතිවරයා කිය.
මේ අවස්ථාවට එක්වු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ යුද්ධය නිමාකිරිමට උරදුන් නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු සහ ඊට මුලික වු ආරක්ෂක ලේකම්වරයෙකු එකවර සිරගත කිරිමෙන් ජනතාව තුල ප්‍රශ්ණකාරි තත්ත්වයක් හටගත හැකි බවයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපනය කෙරුණු ස්වාධින ආයතනයකින් කල පරික්ෂණයක ප්‍රතිඵලයක් ලෙස එය සිදුවුවද මෙවැනි සමාජ සංවේදි කරුණු පිලිබදව තමා හෝ අගමැතිවරයා දැනුවත් කිරිම වැදගත් බව පමණක් ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇතැයි අමාත්‍යවරයා පැවසිය.