Fri08232019

Last updateTue, 18 Jun 2019 8am

Local News

අද සිදුවු පිපිරීම් වලින් තුවාල ලැබු පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින්

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය. කොළඹ ෂැන්ග්‍රිලා . සිනමන්ග්‍රූන්ඩ් සහ කිංස්බරී හෝටල් පරිශ්‍රවල ද අද පෙරවරුවේ සිදුවු පිපිරීම්වලින් තුවාල ලැබු අය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ අතර මීගමුව කටුවපිටිය දේවස්ථානයේ පිපිරීමකින් තුවාල ලැබු පිරිස මීගමුව රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති. මඩකලපුව ෂියෝන් දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයෝ මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබති.

මෙම පිපිරීම්වලින් තුවාල ලැබු සියඵ දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. කොළඹ මහ රෝහල. කඵබෝවිල. ගම්පහ. මීගමුව. මඩකලපුව ඇතුඵ සියඵ රෝහල් ඒ වෙනුවෙන් සුදානම් කර තිබේ.

රජයේ රෝහල්වලට අමතරව කිසිදු ගාස්තුවක් අය නොකර පෞද්ගලික රෝහල් මගින්ද තුවාල ලැබුවන්ට ප්‍රතිකාර සේවා සිදුකිරීමට පියවර ගෙන ඇතැයි ඇමතිවරයා පවසයි.

මේ අතර මීගමුව සහ මඩකලපුව රෝහල් සදහා රුධිරය පරිත්‍යාග කරන ලෙස පරිත්‍යාගශිලීන්ගෙන් ඉල්ලීමක් කෙරේ. මඩකලපුව රෝහල සදහා ලබාදෙන රුධිරය පොලොන්නරුව. අම්පාර. සහ ත්‍රිකුණාමලය යන රෝහල්වලට ලබාදිය හැකිය.

මඩකලපුව රෝහලේ ඇතිවන තදබදය අවම කිරීමට එම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශ මහජනතාගෙන් ඉල්ලීමක් කරයි. මීගමුව රෝහලට අවශ්‍ය රුධීරය හලාවත සහ පුත්තලම රෝහල්වලට ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ දැණුම් දෙයි.