Local News

ඉන්දීය ධීවරයෝ 18 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මුහුදේ නීති විරෝධී අන්දමින් ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයෝ 18 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට පත් වෙති.

පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට වයඹ දෙසින් නාවික සැතපුම් 16 ක් පමණ දුරින් වු මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව ඊයේ සිදු කළ මුර සංචාරයක දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ගමන් ගත් ධීවර යාත්‍රා 3 ක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

එම ඉන්දීය ධීවරයන් හා යාත්‍රා යාපනය නාවික නෞකා උත්තරායතනය රැගෙන එන බව නාවික හමුදාව කියයි. එම ධීවරයන් වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරීමෙන් පසුව නෛතික කටයුතු සදහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාරදීමට නියමිතයි.