Local News

යාපනයේ සංවර්ධන කටයුතු රැසක් ජනසතු කිරීම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

යාපනයේ සංවර්ධන කටයුතු රැසක් ජනසතු කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවේ. වලිකාමම් කෝපායි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද පෙරවරුවේ සිදුවේ. නිවාස . නැවත පදිංචි කිරීම් සහ සංවර්ධන කටයුතු පිලිබද ප්‍රගති සමාලෝචන  රැස්වීම යාපනය දිසා ලේකම් කාර්යාලයේදී පෙරවරු 10 ට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම ද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ සිදුවේ. අගමැතිතුමා පලාලි ගුවන් තොටුපලේ සහ කන්කසන්තුරේ වරාය නිරික්ෂණ චාරිකාවලට එක්වන අතර මයිලඩි ගම්මානයේ නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතිය සදහා මුල්ගල තැබීමට එක්වෙයි. අනිද්දා දිනයේදීද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු කිහිපයක් ආරම්භ වේ. කිලිනොච්චි රෝහලේ හදිසි අනතුරු ඒකකයට මුල්ගල තැබීම . පල්ලිමුනෙයි නැවත පදිංචි කිරීමේ ගම්මානයට මුල්ගල තැබීම. ඒ අතර වේ. මන්නාරම . කිලිනොච්චිය සහ මුලතිව් හිදී ප්‍රගති සමාලෝචන රැස්වීම් තුනකටද අගමැතිතුමා හෙට සහ අනිද්දා එක්වෙයි.