Local News

රජයේ සංවර්ධන ව්‍යාපෘති සදහා ප්‍රජාවගේ සක්‍රිය දායකත්වය අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා පවසයි

රාජ්‍ය පරිපාලන ආකෘති හා අනිකුත් අභාවයට ගිය අංශ ප්‍රතිසංස්කරණයට ලක් කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමට හැකිවු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ශ්‍රිී ලංකාවේ පළමු සමාජ නවෝත්පාදන පර්යේෂණගාරය වන සිට්ට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණගාරය නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට අද කොළඹ දී එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.  පසුගිය කාලය තුල සිදුව තිබු අඩුපාඩු රැසක් නිවැරදි කර ගැනීමට හැකි විය.  රජය ක්‍රියාත්මක කරන මෙවැනි ව්‍යාපෘති සදහා පුරවැසියන්ගේ සහයෝගය ප්‍රාදේශීය මට්ටමේ සිට ලැබිය යුතුය.  ඒ සදහා ප්‍රජාව සක්‍රීයව දායක විය යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.  එමෙන්ම ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන කටයුතු සදහා ඩිජිටල්කරණය හදුන්වා දීමේ අවශ්‍යතාව ද අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේය.