Mon10142019

Last updateTue, 18 Jun 2019 8am

Local News

උතුරේ විපතට පත් ජනතාවට සහන සැලසිම සදහා උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයෙන්ද විශේෂ වැඩසටහන්

උතුරු පලාතේ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසිම සදහා උතුරට හා දකුණට විශේෂ ඇමතුම් අංක දෙකක් හදුන්වා දි ඇතැයි උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. ඔවුන්ට ආධාර ලබාදිමට කැමති දකුණේ පරිත්‍යාගශිලින්ට කොළඹ බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි උතුරු ආණ්ඩුකාර කාර්යාලයට පැමිණ භාරදිම හෝ 0112 88 33 71 යන අංකයෙන් විමසිය හැක. එමෙන්ම උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ ඇති 0211 21 93 76 අංකයට අමතා ඕනෑම අයෙකුට ආධාර සැපයිය හැක. දැනට ගංවතුර තත්ත්වය පහව ගියත් උතුරේ ජනතාවට බරපතල තත්ත්වයන්ට මුහුණ දිමට සිදුවන බව කුරේ මහතා කියයි. විශේෂයෙන් සනිපාරක්ෂක ගැටලු ඊට බලපානු ඇත. පානීය ලිං පිරිසිදු කිරිම. හානි වු නිවාස පිලිසකර කිරිම මෙහිදි ප්‍රධානවේ. ඒ සදහා යුදහමුදාවේ අඛණ්ඩ සේවය තවදුරටත් ලැබෙනු ඇතැයි උතුරු ආණ්ඩුකාරවරයා විශ්වාසය පලකරයි.
මේ අතර උතුරු පලාතේ කැඩි ගිය ලොකු කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරිම යදුහමුදාව දැනටමත් ආරම්භ කර ඇත. විශේෂයෙන් කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල වැව් රැසක් කැඩිගොස් ඇත. කැඩියාමට අවදානමක් මතු වි ඇති වැව් සදහා වැලිකොට්ට යොදාගනිමින් ආරක්ෂක බැමි සකස් කරමින් පවති.
කිලිනොච්චියේ අක්කරායන් මාර්ගයේ වෙල්අත්තාල් පාලම ජල පහරකට හසුව බිදගොස් තිබේ. එම මාර්ගයේ ගමනාගමනය ද ඇණහිට ඇත. මේ නිසා ඊට ඉහල ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.
උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුන තත්ත්වය හේතුවෙන් පවුල් විසිදෙදහස් අටසිය විසිතුනක ( 22823) පුද්ගලයින් හැත්තැහතර දහසක් ( 74000 ) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි