Local News

අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදාවෙයි

තවත් අසිරිමත් නත්තලක් අද මධ්‍යම රාත්‍රියෙන් උදාවෙයි. උදාවන නත්තල සැමරීමට ලෝකවාසි කිතුණු බැතිමත්හු සුදානමින් සිටිති. ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පයාගල ශාන්ත ජෝශප් දෙව්මැදුරේදී අද රාත්‍රි 11.45 ට පැවැත්වේ. ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව ද මෙවරත් රට වටා නත්තල් වැඩසටහනක් සංවිධාන කර ඇත.