Tue10152019

Last updateTue, 18 Jun 2019 8am

Local News

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් යටතේ ඉදිරි දින කිහිපය තුළ රට යලි ස්ථාවර කරන බව වජිර අබේවර්ධන මන්ත්‍රිවරයා පවසයි

දේශපාලන අර්බුදය නිසා අස්ථාවර වු රට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් යටතේ ඉදිරි දින කිහිපය  තුළ යථා තත්වයට පත්කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.  ගාල්ලේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය.  මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය තහවුරු වීම ජාත්‍යන්තර වශයෙන් වාසිදායක තත්වයක් රටට නිර්මාණය කරනු ඇති බවද හෙතෙම කීය.