Local News

රට යහපත් මගකට ගෙනඒමට ජනාධිපතිතුමා ඉදිරියේදිත් කැපවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කියා සිටි.

 

රට යහපත් මගකට යොමු කිරීමට අවශ්‍ය පියවර ජනාධිපතිතුමා ඉදිරියේදී ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා කියයි.  කෘෂි නවිකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් කොළඹ පැවති උත්සවයේදී ඔහු මේ බව කීවේය.  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව විභාග කෙරුනු පෙත්සම් විභාගයේ තීන්දුව ලැබුනුවිට ඊට අනුකුලව ක්‍රියාකරන බවද ඔහු සදහන් කරයි.  එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර යම් ගිවිසුමක් ඇති බව තමාට තොරතුරු ලැබි ඇතැයි ද පැවසු ඒ මහතා ඒ පිළිබඳව තම පාර්ශ්වයන් අවධානයෙන් පසුවන බවද කීවේය.