Local News

නිතිපොතෙන් පමණක් රට ගැන තීරණ ගත නොහැකි බව මහා සංඝරත්නය පෙන්වා දෙති

රට තුළ ඇති වී තිබෙන ගැටඵකාරී තත්ත්වය විසදිය හැක්කේ මහ මැතිවරණයක් පැවැත්විමෙන් පමණක් බව සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ග මහා පණ්ඩිත පුජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ පවසති රටේ ගෞරවය ආරක්ෂා වන අයුරින් සාමකාමිව වත්මන් අර්බුදය විසදා ගත යුතුය.

සියලු ආගමික සංවිධාන මේ පිළිබඳව අවධියෙන් සිටිය යුතු බව උන්වහන්සේ පැවසුවේ ජාතික ගුවන්විදුලියේ සුභාරති සජිවි සංවාද ම ණ්ඩපයට අද එක්වෙමිනි . අන් සියල්ලටම පෙර රට ගැන සිතිය යුතුය. නිතිපොත ගැන පමණක් සිතා රට ගැන තීරණ ගත නොහැක. අන්තවාදි දේශපාලනය තුරන් කළ යුතුය. රටේ නිදහසට අභියෝග කිරිමට විදේශිකයන්ට ඉඩ නොතැබිය යුතුය. රට පාවාදිමට කිසිවෙකු හෝ කටයුතු නොකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ .

පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ අදහස් දක්වමින් පාලකයන් රට මෙන්ම ජනතාව ගැන සිතා සන්සුන්ව තිරණ ගත යුතු බව සදහන් කළහ. මේ මොහොතේ ජනතාවගේ හැසිරිම සැබවින්ම අගය කළ යුතුය. මේ තත්ත්වයෙන් වාසි ලබාගෙන ඇත්තේ විදේශිය බලවේග හා දේශිය වශයෙන් රට බෙදිමට උත්සාහ දරන පිරිස් බව ද උන්වහන්සේ පැවසුහ .

පූජ්‍ය කෝන්පිටියේ සුසිල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ මෙතෙක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිතුමාට ප්‍රශංසා කළ යුතු බවයි .පසුගිය රජය සමයේ ජනතා බලාපොරොත්තු ඉටු නොවිය. රටේ සම්පත් විකිණිමට ක්‍රියා කෙරිණි. . එබැවින් ජනාධිපතිතුමා ගත් තීරණය කාලෝචිතය. රට රකින පිරිසට රට භාරදිය යුතු බව ද උන්වහන්සේ පැවසුහ.