Mon10212019

Last updateTue, 18 Jun 2019 8am

Local News

ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්කිරීමේ ප්‍රයත්නය විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ජගත් සංවිධානය පවසයි

ශ්‍රී ලංකාව වසර 2020 වන විට බිම් බෝම්බවලින් තොරව රටක් බවට පත්කිරිමේ ඉලක්කය සපුරා ගැනීමට සෑම අංශයකින්ම අතිවිශේෂ අවධානයක් පෙන්නුම් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතවරයෙකු වන බිම්සෙයිල් අල්හුසේන් කුමරු ප්‍රකාශ කරයි එය ඉහළම දේශපාලන තලයේ සිට නිලධාරී මට්ටම දක්වා පෙන්නුම් කරන බව පසුගිය සිකුරාදා ජිනිවා හි පැවැති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේය.

බිම්බෝම්බ තුරන් කිරීම පිළිබඳ ඔටාවා සම්මුතිය ලෝක ව්‍යාප්ත මට්ටමින් ප්‍රවර්ධනය කිරීමේ කාර්යය අල්හුසේන් කුමරුට පැවරී ඇත. ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සංවිධාන කර තිබු මෙම සාකච්ඡාවට තානාපතිවරු. දුත මණ්ඩල නියෝජිතයෝ. සිවිල් සමාජ සහ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයෝ සහභාගීවුහ.

ආරම්භක දේශනය පවත්වමින් ශ්‍රී ලංකා තානාපති ඒ එල්. ඒ අසිස් මහතා ප්‍රකාශ කලේ ඉඩම් මුදාහැරීමට සහ අවතැන්වු පුද්ගලයන් යළි පදිංචි කිරීම සදහා ඉඩසැලසෙන පරිදි බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැඩකොටසක් ඉටුකර ඇති බවයි.

පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් සහ උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. ශිවඥාණසෝති මහතා බිම්බෝම්බ ඉවත් කිරීමෙන් පසු පවුල් නැවත පදිංචි කිරීමේ විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දුන්නේය