Local News

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි. අද සිට ලබන 06 වැනිදා දක්වා අඛණ්ඩව පෙත්සම විභාගයට ගැනේ.

අග විනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්‍ෂය. ජනතා විමුක්ති පෙරමුණ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය. දෙමල ජාතික සංධානය යන දේශපාලන පක්‍ෂ පෙත්සම් ගොනුකර තිබේ. ලැබී ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 13 කි. මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 07 වැනිදා තෙක් බලපැවැත්වෙයි.