Mon10212019

Last updateTue, 18 Jun 2019 8am

Local News

රාජ්‍ය ආරක්ෂාව , රට සහ පොදු ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට ජනපතිගෙන් රාජ්‍ය සේවයට ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට උපදෙස්

අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය ධූරවල කටයුතු කිරීම අත් හිටුවාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇතත් සියළුම අමාත්‍යාංශවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුනට උපදෙස් දෙයි.

ජනාධිපති කාර්යාලය අද (04) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී එතුමා එම උපදෙස් ලබා දී තිබේ.

පවත්නා නීතීයට අනුකූලව මහජන සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කළ යුතුය.

මෙවැනි අවස්ථාවක දී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටුකරන ලෙස ජනාධිපති තුමා සියළුම රාජ්‍ය සේවා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට නියෝග කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.