Tue02202018

Last updateMon, 19 Feb 2018 1pm

Local News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යෝජිත නව ආර්ථික සහ තාක්‍ෂණික ගිවිසුම කඩිනමින් සකස් කිරීමට අපේක්ෂා කරන බව අගමැති පවසයි

 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික සහ තාක්‍ෂණීක ගිවිසුම පිලිබඳව සිය ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  රටේ ආර්ථික සබඳතාවල මුලික රාමුවට අනුකුලව එම ගිවිසුම සකස් කිරීමට තීරණය කර තිබේ.  කඩිනමින් එය අවසන් කර ඉදිරියට යාම අපේක්ෂාව බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.  තම ඉන්දීය සංචාරයේදී එරට විදේශ කටයුතු ඇමතිනිය හා ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ සභාපතිනිය. හමුවි සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු  බවද ඔහු කීය.

ජනාධිපතිතුමා කල ප්‍රකාශයක් වැරදි අර්ථ නිරුපණයට ලක් කිරිමට බංකොලොත් දේශපාලන කණ්ිඩායමක් උත්සහ කරමින් සිටින බව ඇමති කබිර් හෂිම් මහතා කියයි.

ජනාධිපතිතුමා පසුගිය දා කල ප්‍රකාශයක් වැරදි අර්ථ නිරුපණයකට ලක්කිරිමට බංකොලොත් දේශපාලන කණ්ඩායමක් ප්‍රයත්න දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි. ඔවුන් ප්‍රකාශ කරන පරිදි ජාතික ආණ්ඩුව තුල පුපුරා යාමක් හෝ ප්‍රධාන පක්ෂ දෙක අතර සමගිය බිදවැටිමක් සිදුවි නොමැති බව අමාත්‍යවරයා අවධාරනය කරයි. කැගල්ල වට්ටාරම ඵෙතිහාසික රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධාන කෙරෙන
ලබන වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පිලිබදව අද එම විහාරස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසු ඔහු මේ බව ප්‍රකාශ කලේය.

Read more...

ආණ්ඩුක්‍රම සම්පාදන ක්‍රියාවලිය හා ඒ් සම්බන්ධව පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකල යුතු ආකාරය පිලිබදව සාකච්ඡාවක්

ආණ්ඩුක්‍රම සම්පාදන ක්‍රියාවලිය හා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකල යුතු ආකාරය පිලිබදව විශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකිර්ණයේ අගමැති කාර්යාලයේදි පැවැත්වුණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම  සාකච්ඡාවට විපක්ෂ නායක ආර් සම්බන්ධන්. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන මහින්ද රාජපක්ෂ. දිනේෂ් ගුණවර්ධන. බන්දුල ගුණවර්ධන . විදුර වික්‍රමනායක . ලොහාන් රත්වත්තේ සහ ෂෙහාන් සේමසිංහ යන මහත්වරු සහභාගිවුහ.

උත්සව සදහා ගම්බිම් බලාගිය ජනතාවට කොළඹට පැමිණිමට විධිමත් පහසුකම්

 

උත්සව සදහා ගම්බිම් බලා ගිය ජනතාවට යලිත් කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවලට පැමිණිමට උපරිම ප්‍රවාහන පහසුකම් ෂලසා ඇතැයි. ඊට සම්බන්ධ ආයතන සදහන් කරයි. ලබන මස 2 වැනිදා දක්වා විශේෂ අවධානයක් යොමු කොට මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රාජා ගුණතිලක මහතා පවසයි. නුවර. කුරුණැගල සහ. ගාල්ලේ සිට කොළඹට වැඩි බස්රථ ප්‍රමාණයක් යොදවා තිබේ. ඒ ඒ ඩිපෝ

Read more...

කම්කරු සබඳතා ශක්තිමත් කරමින් රට සංවර්ධනය කිරිමට රජය කැප වී ඇතැයි අගමැති කියයි

කම්කරු සබඳතා ශක්තිමත් කරමින් රට සංවර්ධනය කිරිමට රජය කටයුතු කරමින් තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසය.ි ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙළ 2016 අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කිවේය. කොළඹ නෙඵම්පොකුණ රගහලේ ඊයේ පස්වරුවේ මෙය පැවැත්විණ. කම්කරුවන්ගේ සුරක්ෂිතාව සදහා ආරක්ෂීත වැඩබිමක් අවශ්‍ය වෙ

Read more...

Subcategories