Wed01292020

Last updateTue, 17 Dec 2019 9am

About Us

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වැදගත් සිදුවීම්.  

හැඳින්වීම                                             

ගුවන්විදුලිය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.

ජර්මන් ජාතික හෙන්රික් හර්ට්ස් විසින් හර්ට්ස් (Hertz) හෙවත් සංඛ්‍යාතය සොයා ගැනීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් ගුවන්විදුලිය සම්බන්ධ පර්යේෂණවල නිරත විය. ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාකෝනි මෙන්ම ඉංග්‍රීසි ජාතික ඔලිවර් ලොජ්, ප්‍රංස ජාතික එඩ්වඩ් බ්‍රැන්ලි, රුසියන් ජාතික ඒ. එස්. පොපොෆ්, ඉතාලි ජාතික ගියුසෙප් රිගි ගුවන්විදුලිය සම්බන්ධ අළුත්දේ සොයා ගත්හ. 1902 වර්ෂයේදී ඩෙන්මාර්ක් ජාතික වැල්ඩිමාර් පවුල්සන් විසින් ස්ථීර ලෙස තරංග යැවීමේ ක්‍රමයක් සොයා ගත්තේය. පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ සේවය කළ ඇමරිකන් ජාතික ආර්. ඒ. පෙන්ඩසන් සැතැපුමක් පමණ දුරට මිනිස් කටහඬක් යැවීමට සමත් විය. 1919 වර්ෂයේදී ලෝකයේ පළමුවන ගුවන්විදුලි ප්‍රචාරක මධ්‍යස්ථානය මාකෝනි සමාගම විසින් චෙම්ස්ෆඩ් වල පිහිටුවන ලදී. 1920 ජූනි 15වන දින එකල ලොව ප්‍රකට ගායිකාවක වන නෙලී මෙල්බා මැතිනිය මෙහි සිට ගීතයක් ගායනා කළාය. යුරෝපයේ බොහෝ රටවලට ඇගේ ගායනය ශ්‍රවණය කිරීමට හැකිවිය. 1922 ජනවාරි 14 වන දින බ්‍රිතාන්‍යයේ චෙම්ස්ෆර්ඩ් නගරයට මදක් ඈතින් පිහිටි රිට්ල් ස්ථානයේ සිට නිල වශයෙන් පළමු ගුවන්විදුලි වැඩසටහන ප්‍රචාරය කරන ලදී. ඉන් වසර දෙකක් ගතවී මාස කිහිපයක් තුළ බ්‍රිතාන්‍යය් කිරීටයට යටත් දකුණු ආසියාවේ රාජ්‍යයන් අතර පළමුවරට ගුවන්විදුලි සේවයක් ආරම්භ කළ රට වන්නේ ශ්‍රී ලංකාවයි.

1921.07.21   

 

              

මෙරට ගුවන්විදුලියේ නිර්මාතෘ එඩ්වඩ් හාපර් මහතා ප්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරු තනතුර භාර ගැනීම සඳහා ලංකාවටපැමිණීම.ඔහු එම්.අයි.ඊ.ඊ., එම්.එල් රේඩියෝ ඉංජිනියරින් යන සුදුසුකම් ලබා සිටියේය. ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය පිහිටුවීමට මුලිකත්වය ගෙන කටයුතු කළේය. 1924 ජුනි 27 වන දින මෙරට ගුවන්විදුලියේ අත්හදා බැලීමේ විකාශනයට මෙන්ම 1925 දෙසැම්බර් 16 වන දින නිලවශයෙන් මෙරට ගුවන්විදුලිය ආරම්භ කිරීමට පුරෝගාමිව කටයුතු කළේය. 1927 දෙසැම්බර් 16 වන දින ගුවන්විදුලියේ දෙවන සංවත්සරය සැමරීමට ද එතුමා එක්වූහ. එඩ්වඩ් හාපර් මහතා 1931 සැප්තැම්බර් 15 වන දින දක්වා මෙරට සේවය කළේය.

1921 – 1924               

මෙරට ප්‍රධාන ඉංජිනේරු එඩ්වඩ් හාපර් මහතා ගුවන්විදුලියට අවශ්‍ය ට්‍රාන්ස්මීටර් යන්ත්‍රය සෑදීම ආරම්භ කළේය. මේ සඳහා අවශ්‍ය උපකරණ කිහිපයක් සොයා ගන්නා ලද්දේ පළමු ලෝක සංග්‍රාමයේ දී විනාශයට පත් වූ සබ්මැරීනයකිනි. එහි තිබූ වෙරළ දක්වා පණිවුඩ ගෙනයන රේඩියෝ උපකරණ වල කොටස් සහ වෙනත් අවශ්‍ය කොටස් භාවිත කරමින් කිලෝ වොට් භාගයක (1/2) සම්ප්‍රේෂණාගාරයක් කොළඹ කොටුව විදුලි සංදේශ කම්හලේ සැකසුවේය. පසුව ගුවන්විදුලි මැදිරිය, ඇම්ප්ලිෆයරය, සම්ප්‍රේෂණාගාරය ඇතුළු සියලු උපකරණ කොළඹ මධ්‍යම විදුලි සංදේශ ගොඩනැගිල්ලේ කාමරයක සවි කරන ලදී. මේ කටයුතු සඳහා සහකාර ඉංජිනේරු පෝන් පෙන්මන්, ප්‍රාදේශිය ඉංජිනේරුවරුන් වූ ජෝර්ජ් හැරී ශෝපීල්ඩ්, ජෝන් ෂිලිටෝ, හැරල්ඩ් සැමුවෙල් බ්‍රයනට්, ඇල්ප්‍රඩ් තෝමස් කින්ස්ටන් යන මහත්වරු සහ දේශිය ඉංජිනේරුවරුන් වන ඒ. නඩරාජා, ඩබිලිව්. ඊ. ද සිල්වා, බෙනට් විජේතිලක යන මහත්වරුන්ගේ සහාය හාපර් මහතාට ලැබුණි.    

1922.11.24                 

ලංකා ආධුනික ගුවන්විදුලි සංගමය බිහි වීම. 1928වසරේ දී මෙම සංගමයේ නම ලංකා සහ දකුණු ඉන්දීය ගුවන්විදුලි

සමාජය වශයෙන් වෙනස් විය. මෙරට ගුවන්විදුලිය ස්ථාපිත කිරීමට මෙම සංගමයේ ක්‍රියාකාරිත්වය බොහෝ සෙයින් දායක වුණි. එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ එල්. මැක්රේ (සභාපති), එම්. එස්. රොක්වුඩ්, ජේ. එච්. ජොලිෆ්, සී. ඒ. හට්සන්, ඒ. ඊ. හොල්සිංගර්, එම්. එම්. පී. ගුණවර්ධන, ආර්. එෆ්. ඩයස්, ජේ. එස්. ඩින්විඩි යන මහත්වරු මෙහි ආරම්භක සාමාජිකයෝ වූහ. මෙම සංගමයේ සාමාජිකයන්ගේ උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් ගුවන්විදුලි සේවයක් පිහිටුවීම පිළිබඳව සොයා බලන්න කමිටුවක් පත් කළ අතර එහි සභාපති මෙරට තැපැල්පති එම්. එස්. ශ්‍රේෂ්ඨා මහතායි. සෙසු සාමාජිකයෝ වූයේ ප්‍රධාන විදුලි සංදේශ ඉංජිනේරු එඩ්වඩ් හාපර් සහ ආධුනික ගුවන්විදුලිසංගමයේ සභාපති එල්.මැක්රේ යන    මහත්වරුන් ය. එසේම මෙම සංගමය තම මාසික ප්‍රවෘත්ති වලට ගුවන්විදුලියේ දෛනික වැඩසටහනද එක්කර බෙදා හැරීම සිදු කළ අතර පසු කළක ගුවන්විදුලි සඟරාව වූයේ ද මෙයයි. එමෙන්ම බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ තැටිගත කළ වැඩසටහන් සංගමයේ අරමුදලින් මිලට ගෙන ප්‍රසිද්ධ ආයතනවල ප්‍රචාරය කිරීමට විධිවිධාන යොදන ලදී. ලංකාව හරහා ගමන් කරන හා ලංකාවට පැමිණෙන විශේෂ ශිල්පීන්, වාද්‍ය මණ්ඩලවල සේවය ලබා ගැනීමට ගුවන්විදුලි සංගමයේ අරමුදල් භාවිත කළේය. මේ නිසා රජයට මුදල් අතින් වැඩිබරක් නැතිව ගුවන්විදුලියේ කටයුතු කිරීමට හැකි විය. 1930 වසරේ දී සංගමයේ මූලිකත්වයෙන් ගුවන්විදුලි ප්‍රදර්ශනයක් පවත්වමින් ගුවන්විදුලිය ජනතාව අතරට ගෙනයාමට කටයුතු කිරීම ප්‍රධාන සේවා අතර වේ.

1924.06.24                 

ප්‍රථම ගුවන්විදුලි උපදේශක මණ්ඩලය පත් වීම. එම්.එස්.ශ්‍රේෂ්ඨා මහතා, ලංකා වෙළඳ මණ්ඩලයේ සභාපතිතිතුමා, එච්.ෆෙන්ටන් මහතා සහ නියෝජ්‍ය පොලිස් අධිකාරීතුමා උපදේශක මණ්ඩලයේ සාමාජිකයෝ වූහ.

1924.06.27                 

එවකට සිටි ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ අවසරය මත අත්හදා බැලීමේ විකාශනයේ කටයුතු ආරම්භ කිරීම.

මෙදින ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ වාර්ෂික මහසභා රැස්වීම මරදාන කාර්මික විද්‍යාලයේ පැවැත්වීමට කටයූතු සංවිධානය කර තිබුණි. මහ සභාව සවස 2.30ට මෙරට ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි මැනිං මහතා විසින් අමතන ලදී. එම අවස්ථාව ගුවන්විදුලියෙන් විසුරුවා හැරීමට එඩ්වඩ් හාපර් මහතා කටයූතු කළේය. ආණ්ඩුකාරතුමාගේ කතාව පැහැදිළිව ගුවන්විදුලියෙන් ඇසුණු බවත්, උසස් තත්ත්වයන් තිබූ බවත් වාර්තා විය.

1925.12.16                 

මෙරට ගුවන්විදුලියේ ආරම්භය. ආණ්ඩුකාර ශ්‍රීමත් හියූ ක්ලිෆඩ් මහතා මෙදින කොළඹ කොටුවේ පිහිටි සිය කාර්යාලයේ සිට ජනතාව අමතමින් නව ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය විවෘත කළේය.

1924 වසරේ ගුවන්විදුලි ප්‍රචාරය සඳහා යොදාගත් උපකරණ සීමා සහිත ප්‍රදේශයකට පමණක් ප්‍රචාරය කළ හැකි විය. මේ නිසා 1924 සහ 1925 වසර සඳහා වූ ඇස්තමේන්තු වලින් වෙන්කොට තිබූ රුපියල් නවදහසක (9,000.00) මුදලක් යොදාගෙන කිලෝවොට් 01ක නව ගුවන්විදුලි සම්ප්‍රේක්ෂණාගාරයක් වැලිකඩ ඉදි කළේය. ඊට අදාළ උපකරණ නිවාඩුවක් ගත කිරීමට එංගලන්තයට ගොස් සිටි එඩ්වඩ් හාපර් මහතා විසින් මිලදී ගෙන 1925 ජූනි මාසයේ දී ලංකාවට එවන ලදී.

1926.08.08                 

ප්‍රථම ආගමික වැඩසටහන ප්‍රචාරය කිරීම. කොළඹ ගාලුමුවදොර පිහිටි ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානයේ පැවති දේව මෙහෙය මෙසේ විසුරුවා හැරීයේය.

1926.10.09                 

ප්‍රථම දෙමළ වැඩසටහන ප්‍රචාරය කිරීම. විද්‍යා විනෝද සභාව විසින් වේදිකා ගත කළ “රාම කුමරු පිටුවහල් කිරීම”නාට්‍යය මෙදින විසුරුවා හැරියේය.

1926.10.14                 

ප්‍රථම බෞද්ධාගමික වැඩසටහන විසුරුවා හැරීම. බම්බලපිටිය මෛත්‍රී ශාලාවේදී පූජ්‍ය මහින්ද හිමි විසින් පැවැත් වූ බෞද්ධ කතාව මෙදින සවස ප්‍රචාරය කළේය.

1926.11.03                 

මෙදින සිට සිංහල සංගීත වැඩසටහන් ප්‍රචාරය කිරීමට පියවර ගැනීම.

1926.11.05                 

“දරුවන්ට කරුණාවෙන්” නම් වූ මුල්ම ළමා වැඩසටහන විසුරුවා හැරීම.

1926.11.12                 

පළමුවරට එච්.එම්.වී. (HMV)තැටි ආධාරයෙන් හින්දුස්ථානී සංගීත වැඩසටහන ප්‍රචාරය කිරීම.

1926.11.27                 

ප්‍රථම සිංහල ගුවන්විදුලි නාට්‍යය ප්‍රචාරය කිරීම. වේදිකාවේ රඟ දැක්වූ “ඇන්ටනී සහ ක්ලියෝපැට්රා”නාට්‍යය මෙසේ විසුරුවා හැරියේය.

1927.03.29                 

මුල්ම සිංහල දේශනයප්‍රචාරය කිරීම. මුදළිඳු ඩබ්ලියු. එෆ් ගුණවර්ධන මහතා “සිංහල නම් සහ වාසගම්” යන නමින් එම කතාව පැවැත් වූයේය.

1927.05.16                 

සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් සිදුකළ කතාවක් පළමුවරට ප්‍රචාරය කිරීම. එය සර් ඩී. බී. ජයතිලක මහතා “වෙසක් දිනයේ වැදගත්කම” සම්බන්ධයෙන් කළ කතාවකි.

1927.06.11                 

පළමු මුස්ලිම් ආගමික වැඩසටහන ප්‍රචාරය කිරීම. “හජ්ජි වන්දනාව සහ එහි අදහස” මැයෙන් එම්. ටී. අක්බාර් මහතා විසින් එම කතාව පවත්වන ලදී.

1927.08.12                 

පළමු ක්‍රීඩා වැඩසටහන ප්‍රචාරය කිරීම. රාජ්‍ය කුසලානය වෙනුවෙන් කොළඹ පැවති තුරඟ තරඟාවලියක් අලලා සකස් වූ “Riding Boy”නම් මෙම වැඩසටහන මෙදින සවස 7.00 සිට ප්‍රචාරය කළේය.

1927.08.15                 

ප්‍රථම ක්‍රීඩා විස්තර ප්‍රචාරය සිදු කිරීම. දේශීය හා විදේශීය කණ්ඩායම් සහභාගි වූ රගර් තරඟාවලියක විස්තර මෙසේ ප්‍රචාරය කර ඇත.

1927.12.24                 

ප්‍රථම නත්තල් වැඩසටහන ශාන්ත මයිකල් පල්ලියේ සිට විසුරුවා හැරීම.

1928 ජනවාරි              

කොටුව මධ්‍යම විදුලි සංදේශ ගොඩනැගිල්ලේ පිහිටි ගුවන්විදුලි මධ්‍යස්ථානය ටොරින්ටන් චතුරශ්‍රයට ගෙන ඒම.

1928.03.08                  අධ්‍යාපනික වැඩසටහන් ආරම්භ කිරීම.

1931 මාර්තු                  පාසල් ගුවන්විදුලි සේවය ආරම්භය.

1940.10.28                  වෛද්‍යනාදන් ගුවන්විදුලි කොමිසම පත් කිරීම.

1942 සැප්තැම්බර්

         

ගුවන්විදුලිය බොරැල්ල කොටා පාරේ බවර් ගොඩනැගිල්ලට ගෙන යාම. දෙවන ලෝක යුද සමය සමඟ ටොරිංටන් චතුරශ්‍ර භූමිය හමුදා අවශ්‍යතා වෙනුවෙන් ලබා දීමට සිදුවීම නිසා පාලන මැදිරිය සහ මැදිරි මෙසේ ගෙන ගියේය.

1949.10.05                 

ලංකා ගුවන්විදුලි සේවය වෙනම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් බවට පත් වීම සහ ටොරින්ටන් චත්‍රරශ්‍රයේ ඉදිකළ නව ගොඩනැගිල්ලට ගුවන්විදුලි මධ්‍යස්ථානය ගෙන ඒම.

1950                           

සමස්ත ආසියා ඉංග්‍රීසි සේවය ආරම්භ කිරීම.

1950.09.30                 

“සිලෝන් සර්විස් (Ceylon Service) නමින් හැඳින් වූ වෙ‍ළෙඳ ගුවන්විදුලිය” ආරම්භ කිරීම. ඕස්ට්‍රේලියානු ජාතික ක්ලිෆඩ් ආර්. ඩොට් මහතා එහි පුරෝගාමියා විය.

1951.03.12                 

වෙළඳ ගුවන්විදුලි සේවයේ “අග්නිදිග ආසියා සේවය” (SOUTH - EAST ASIA SERVICE) ආරම්භ වීම.

1951.03.30                 

සමස්ත ආසියා හින්දි සේවය (ALL ASIA HINDI SERVICE) ආරම්භ කිරීම.

1951.04.01                 

දෙමළ ස්වදේශීය සහ දෙමළ වෙළඳ සේවය ආරම්භ කිරීම.

1951.04.09                 

සිංහළ වෙළෙඳ සේවය ආරම්භය.

1953.04.04                 

ගුවන්විදුලිය සම්බන්ධ වීරසූරිය කොමිසම පත් කිරීම.

1953.04.08                 

එකවර වෙන වෙනම සිංහල දෙමළ ඉංග්‍රීසි හා වෙළඳ සේවාවන් ප්‍රචාරය ආරම්භ කිරීම.

1956                           

දියගම මධ්‍යම තරංග (MW) විකාශනාගාරය ආරම්භ කිරීම.

1956.07.02                 

ශ්‍රවණ පර්යේෂණ ඒකකය පිහිටුවීම.

1959.08.15                 

“මුස්ලිම් සේවය” දෙමළ අංශයෙන් වෙන්වී වෙනම අංශයක් වශයෙන් ආරම්භ කිරීම.

1963.04.04                 

සන්ධ්‍යා සේවය ආරම්භය.

1963.09.02                 

යුරෝපා සේවය ( EUROPEAN SERVICE) ආරම්භය.

1964.03.11 

                

පළමුවරට මුවන්පැලැස්ස නාට්‍යය ප්‍රචාරය කිරීම. මුදලිනායක සෝමරත්න මහතා රචනා කළ මෙම නාට්‍යය නිෂ්පාදනය කළේ නන්දා ජයමාන්න මහත්මියයි.

1965                           

ගුවන්විදුලි බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ 04 දක්වා ඉහළ යාම.

1965 මාර්තු                 

අනුරාධපුරය මධ්‍යම තරංග (MW) විකාශනාගාරය ඉදි කිරීම.

1965.07.31                 

ගුවන්විදුලි කටයුතු පිළිබඳව සොයා බැලීමට අග්‍රාණ්ඩුකාරතුමා විසින් හුලුගල්ලේ කොමිසම පත් කිරීම. 1966 අප්‍රේල් 05 වන දින වාර්තාව නිකුත් කරන ලදී.

1967.01.05         

        

රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස පැවති ගුවන්විදුලිය, සංස්ථාවක් බවට පත් කිරීම. ඒ අනුව “ලංකා ගුවන්විදුලි සංස්ථාව” වශයෙන් මෙදින සිට හැඳින් විය. ආරම්භක සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නෙවිල් ජයවීර මහතායි.

1968 ජනවාරි              

ගුවන්විදුලි අභ්‍යාස ආයතනය ආරම්භ කිරීම.

1969                           

හුදු විනෝදාස්වාදය සඳහා ප්‍රචාරය කළ නාට්‍යය වෙනුවට සමාජීය අවබෝධයක් ලබා දෙන නාට්‍යය ප්‍රචාරය ආරම්භ කිරීම. අශෝක කොළඹගේ මහතා ලියූ “ග්‍රහතරුව” එසේ ලියවුණ ගුවන්විදුලි නාට්‍යය කි.

1969                           

මේතාක් හඬ නළුවන් භාවිත කරමින් නාට්‍යරූපීව ඉදිරිපත් කළ කෙටිකතාව වෙනුවට එක් අයෙකු විසින් කෙටිකතාව වැඩසටහන ඉදිරිපත් කිරීම ආරම්භ කිරීම.

1969                           

ප්‍රේමසිරි කේමදාස මහතාගේ “අම්මා ගීත නාටකය” ප්‍රචාරය කිරීම.

1969 අප්‍රේල්                

සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වූ ග්‍රාමීය සේවය වෙනම සේවාවක් ලෙස ආරම්භ කිරීම. මෙදින ප.ව. 6.15ට විකාශන කටයුතු ආරම්භ කෙරිණ.

1970 වසර මුල  

           

මහව මධ්‍යම තරංග (MW) විකාශනාගාරය ආරම්භ කිරීම.

1970                           

වීරකැටිය මධ්‍යම තරංග (MW) විකාශනාගාරය ආරම්භ කිරීම.

1972 ජනවාරි              

ගාල්ල, හපුගල කි.වො. 10ක සම්ප්‍රේක්ෂණාගාරයක් කිරීම.

1972.02.01                 

ස්වදේශීය සේවය පළමු සේවය ලෙසත් වෙළඳ සේවය දෙවන සේවය ලෙසත් නම් කිරීම

1972.05.22                 

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලංකා ගුවන්විදුලි සංස්ථාව “ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව” ලෙස හැඳින්වීම.

1977.08.05                 

ගුවන්විදුලිය සම්බන්ධව ටී. බී. එම්. ඒකනායක කොමිසම පත් කිරීම.

1978.04.29                 

ගුවන්විදුලිය පිළිබඳ ටී. බී. එම්. ඒකනායක වාර්තාව නිකුත් කිරීම.

1978 අගෝස්තු            

Ceylon Radio Times නමින් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර නතර කර තිබූ ගුවන්විදුලි සඟරාව නැවත The Broadcaster නමින් නිකුත් කිරීම.

1978 අගෝස්තු            

ට්‍රාන්ස්වර්ල්ඩ් ගුවන්විදුලි සේවය (TRANSWORLD RADIO SERVICE) ආරම්භ කිරීම.

1978.07.17                 

ගුවන්විදුලි සේවකයන් වෙනුවෙන් සංස්ථා පරිශ්‍රයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පළමුවරට ආරම්භ කිරීම.

1978.08.05                 

පුත්තලම සම්ප්‍රේෂණාගාරය විවෘත කිරීම.

1978.10.02                 

තුන්වන සේවය ලෙස ක්‍රීඩා සේවය ආරම්භ කිරීම. පසුව සිංහල ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධ වීම.

1978.11.02                 

මැද පෙරදිග සේවය ආරම්භ කිරීම.

1978.11.02                 

නැගෙනහිර අප්‍රිකානු සංදේශ ගුවන්විදුලි සේවයේ (EAST AFRICAN SERVICE) ආරම්භය.

1979.04.12       

 ශ්‍රී ලංකාවේ පළමු ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය අනුරාධපුරයේදී “රජරට සේවය” නමින් ආරම්භ කිරීම.

1979.10.01                 

ස්වදේශීය සේවයේ “තුන්පත්රටා” වැඩසටහන ආරම්භ කිරීම. ශ්‍රී ලංකාවේ ජනශ්‍රැතියේ එන ජනප්‍රවාද, ජනකවි සහ ජනවහර යොදා ගනිමින් ඉදිරිපත් කළ ගුවන්විදුලි විචිත්‍රාංගයකි. 1982 ඔක්තෝබර් 27වන දින සිට ප්‍රචාරය නතර කරන ලදී.

1980.02.03            

     

දෙවන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය “රුහුණු සේවය” නමින් මාතර නූපේ ප්‍රදේශයේදී ආරම්භ වීම.

1981.01.20                 

සංස්ථා සාමාජික පූජ්‍ය හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි හිමිගේ සභාපතිත්වයෙන් සිංහල සේවා ප්‍රතිසංවිධාන කමිටුවක් පත් කිරීම. අදාල වාර්තාව 1981.12.31 නිකුත් කරන ලදී.    

1981                           

1981 වසර ගුවන්විදුලි වර්ෂය වශයෙන් ගරු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කිරීම.

1981                           

ගීත රචනා බැංකුව පිහිටුවීම.

1981                           

තැටි තෝරා ගැනීමට වෙනම අනු මණ්ඩලයක් පත් කිරීම. මේ සමඟ නුසුදුසු තැටි ඉවත් කිරීමටත් අළුත් තැටි සුපරික්ෂාකාරීව තෝරා ගැනීමටත් හැකි වීම.

1981                           

පෙබරවාරි 4 නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ඉංග්‍රීසි සේවය මගින් The Resplendent Island (දීප්තිමත් දිවයින) යනුවෙන් විශේෂ වැඩසටහනක් සකස්කොට ශ්‍රී ලංකාවට අයත් විදේශීය තානාපති කාර්යාලවලට බෙදාදීම. එම වැඩසටහන විදේශ රටවල ගුවන්විදුලි සේවා ඔස්සේ නිදහස් දිනය දවසේ ප්‍රචාරය කිරීම සඳහා සකස් කරන ලද්දකි.

1981                           

ගුවන්විදුලි වැඩසටහන් පිළිබඳව නිතිපතා ප්‍රතිචාර ලබා ගැනීමට දීප ව්‍යාප්ත ශ්‍රාවක මණ්ඩලයක් ශ්‍රවණ පර්යේෂණ අංශයේ මූලිකත්වයෙන් පිහිටුවීම. මේ සඳහා ලැබුණු අයඳුම්පත් වලින් දෙදහසක් තෝරා ගෙන ඇත. මුල් කාලයේ සිංහල වැඩසටහන් පමණක් අධ්‍යයනයට යොමු කර ඇති අතර ප්‍රශ්නමාලා ඇසුරින් තොරතුරු ලබා ගෙන ඇත.

1981 සැප්තැම්බර්         

අත්හදා බැලීමේ විකාශනයක් ලෙස එෆ්. එම්. ස්ටීරියෝ (සංඛ්‍යාත අනුකුලන) සේවයක් ආරම්භ කිරීම.

(ස්ටුඩියෝ එස්. ටී. එක්ස්.)

1981                           

සම්ප්‍රේක්ෂණාගාර ඉදිකර අවසන් කිරීම. ඒ අනුව,

අඹේවෙල         - කි.වො 20 සම්ප්‍රේක්ෂණ 4යි.

කන්තලේ         - කි.වො 20 සම්ප්‍රේක්ෂණ 2යි.

රත්නපුර           - කි.වො 10 සම්ප්‍රේක්ෂණ 2යි.

මහියංගනය       - කි.වො 1 සම්ප්‍රේක්ෂණ 1යි

1981.10.01                 

ශ්‍රී ලංකාවේ පළමු ප්‍රජා ගුවන්විදුලි සේවය “මහවැලි ප්‍රජා ගුවන්විදුලිය” නමින් ආරම්භ කිරීම. යුනෙස්කෝවෙන් සහ ඩෙන්මාර්ක රජයේ මුදල් ආධාර මත ආරම්භ කෙරිණි. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මහවැලි ප්‍රදේශයේ නව පදිංචිකරුවන්ගේ සමාජ ආර්ථික සංවර්ධනය කඩිනම් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලදී.

1982.07.17            

 මහියංගනය මධ්‍යම තරංග (MW) විකාශනාගාරය විවෘත කිරීම.

1982.09.17                 

රත්නපුර මධ්‍යම තරංග (MW) විකාශනාගාරය විවෘත කිරීම.

1983.04.13                 

තෙවන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය මහනුවර දී “කඳුරට සේවය” නමින් ආරම්භ කිරීම.

1983.04.16                 

අඹේවෙල මධ්‍යම තරංග (MW) විකාශනාගාරය විවෘත කිරීම.

1983.09.01                 

සිංහල පළමුවන සේවයේ පෙරවරු විකාශන කටයුතු ඉන්ධන වියදම් අධිකවීම නිසා තාවකාලිකව නතර කිරීම.

1983.09.10                 

සිංහල පළමුවන සේවයේ පෙරවරු විකාශන කටයුතු නැවත ආරම්භ කිරීම.

1983.09.17                 

රත්නපුර මධ්‍යම තරංග (MW) සම්ප්‍රේෂණාගාරය විවෘත කිරීම.

1984.02.01                 

පළමු සේවය, දෙවන සේවය යනුවෙන් හැඳින්වූ මෙරට ගුවන්විදුලි විකාශනයන් මෙදින සිට පළමු සේවය ස්වදේශීය සේවය ලෙසත් දෙවන සේවය වෙළඳ සේවය ලෙසත් නම් කිරීම.

1984 දෙසැම්බර්           

දෙමළ ස්වදේශීය සේවය සහ දෙමළ වෙළඳ සේවය ඒකාබද්ධ කිරීම.

1985.07.18                 

ගුවන්විදුලි සිංහල වැඩසටහන්වල තත්ත්වය නඟා සිටුවීම සඳහා කමිටුවක් පත් කිරීම. එහි වාර්තාව 1985 නොවැම්බර් මාසයේ දී නිකුත් කරන ලදී.

1985.10.03                 

“සුගන්ධිකා” ඵෙතිහාසික ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය. මහවංසය ඇසුරින් නිර්මාණය වූ මෙම නාට්‍යයට පොළොන්නරු යුගය පසුබිම් වී ඇත. 1988 ඔක්තෝබර් 18 වන දින අවසාන කොටස ප්‍රචාරය විය.

1986 මාර්තු                 

සංගීත අංශය පිහිටුවීම.

1986                           

ඉංග්‍රීසි ස්වදේශීය සේවය සහ වෙළඳ සේවය එකාබද්ධ කිරීම.

1986                           

මොනෝ තාක්ෂණය යටතේ පැවති සිංහල සහ දෙමළ සංගීත වැඩසටහන් ස්ටීරියෝ තාක්ෂණයට පරිවර්තනය කිරීම.

1986                           

දියගම මධ්‍යම තරංග (MW) විකාශනාගාරයේ වී. එච්. එෆ්. (V.H.F.) ග්‍රාහක 06ක් සවි කිරීම සඳහා අඩි 125ක කුළුණක් ඉදි කිරීම.

1986                           

වසර 35ක් පමණ පැරණි මාකෝනි උපකරණ ඉවත් කර ට්‍රාන්සිස්ටර් මගින් ක්‍රියා කරන නවීන පාලක පුවරු ගුවන්විදුලි සංස්ථාවේ සවි කිරීම.

1986                           

විදේශ සම්බන්ධතා සහ කාලීන පුවත් සම්බන්ධ අධිකාරියක් ඇති කිරීම

1986                           

උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා යාපනය මැදිරි සංකීර්ණය අතහැර දැමීම.

1986.04.11                 

දෙවන ප්‍රජා ගුවන්විදුලිය වශයෙන් “ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් විවෘත කරන ලදී. මෙම මධ්‍යස්ථානය මහියංගනයේ පිහිටුවන ලද අතර කිලෝවොට් 01ක සම්ප්‍රේෂණයක් මඟින් මධ්‍යම තරංග ඔස්සේ සතියේ දිනවල සවස 7.00 සිට 8.00 දක්වා පුරා පැයක් වැඩසටහන් ප්‍රචාරය කර ඇත.

1987                           

ක්‍රීඩා අංශය, ප්‍රවෘත්ති අංශය යටතට පත් කිරීම.

1987 මැයි                    

අධ්‍යාපන සේවා වැඩසටහන් පස්වරු 2.30 සිට පස්වරු 4.00 දක්වා ප්‍රචාරය ආරම්භ කිරීම සහ නැවත ප්‍රචාරයක් ලෙස එම වැඩසටහන් පස්වරු 6.00 සිට පස්වරු 8.35 දක්වා ප්‍රචාරය ආරම්භ කිරීම.

1987                           

සිව්වන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය යාපනය දිස්ත්‍රික්කයේ “යාපාපටුන සේවය” නමින් ආරම්භ කිරීම.

1987                           

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ ඉදි කර තිබූ මහවැලි ප්‍රජා ගුවන්විදුලි මැදිරි ඉන් ඉවත්කර මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ලකට ගෙන යාම.

1987.07.29                 

රාජ්‍ය විරෝධී පිරිස් රුහුණු සේවයේ ගොඩනැගිලි, යන්ත්‍ර සහ මෙවලම් මෙන්ම වාහන දෙකක් සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කිරීම. 1993.12.12 දින රුහුණු සේවා මැදිරි සංකීර්ණය නැවත සාදා විවෘත කළේය.

1987.10.01

තෙවන ප්‍රජා ගුවන්විදුලිය වශයෙන් “මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම.

1988                           

ශ්‍රී ලංකා ගුවන්විදුලි පනතට සංශෝධනයන් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ අතර ඒ අනුව ගුවන්විදුලි බලපත්‍ර ලබා දීමේ අධිකාරිය ගුවන්විදුලි සංස්ථාවට හිමි වීම.

1988.01.19                 

ප්‍රවෘත්ති අමාත්‍යංශය පිහිටුවීම. මේ සමඟ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවති ගුවන්විදුලිය නව අමාත්‍යංශය යටතට පත් විය.

1988.02.24                 

ගුවන්විදුලි සංස්ථාවේ පස්වන මැදිරිය ඩී. එම්. කොළඹගේ මැදිරිය ලෙස නම් කිරීම.

1989                           

ජපන් ආධාර යටතේ කිලෝවොට් 300ක ධාරිතාවයකින් යුත් කෙටි තරංග ව්‍යාපෘතිය ඒකළ ආරම්භ කිරීම.

1989 අප්‍රේල්                

තෙරුවන් නමදිමු වැඩසටහන ආරම්භ කිරීම.

1989.06.11                 

සාර සංග්‍රහය වැඩසටහන ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය ආරම්භ කිරීම

1989.11.03                 

පළමුවරට එෆ්. එම්. තරංගමාලා (කිලෝහර්ට්ස් KHz) භාවිත කරමින් ගුවන්විදුලි සේවයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව “සිටි එෆ්.එම්. ”(City fm) නමින් ආරම්භ කිරීම.

1990                           

විදේශීය සේවාවක් වූ කොළඹ ජාත්‍යන්තර ගුවන්විදුලි සේවය (COLOMBO INTERNATIONAL RADIO)

ආරම්භ කිරීම.

1990                           

ගුවන්විදුලි බලපත්‍ර අංශය පිහිටු වීම.

1991                           

“ආරාධිත අමුත්තා” වැඩසටහන ආරම්භ කිරීම.

1991                           

“සුනිල් ගී” මැයෙන් කැසට් පටයක් නිකුත් කිරීම.

1991                           

පළමුවරට සුසංහිත තැටි (සී. ඩී. තැටි) මාර්ගයෙන් ගීත නිකුත් කිරීම.                     

1991                           

සංවර්ධන තොරතුරු ගමට ගෙන යාමේ අරමුණින් ග්‍රාමීය සේවය ආරම්භ කිරීම.

1991.01.05                 

යාපාපටුන සේවය “පලාලි සේවය” නමින් හැඳින්වීම.

1991.02.27                 

සිව්වන ප්‍රජා ගුවන්විදුලිය වශයෙන් “කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම. දකුණු කොරියානු රජය අවශ්‍ය උපකරණ මේ සඳහා පරිත්‍යාග කරන ලදී.

1992.06.10                 

පළමුවරට ශුද්ධ වූ මක්කමේ සිට චන්ද්‍රිකා මාර්ගයෙන් ලබා ගත් හජ්ජි වන්දනා පැයක ගුවන් කාලයක් සජීවීව ප්‍රචාරය කිරීම.

1993                           

කාලීන තොරතුරු ඇතුළත්ව නව අධ්‍යාපන සේවය ඔස්සේ ප්‍රචාරය වූ සුභාරතී වැඩසටහන සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය ආරම්භ කිරීම.

1993.02.04                 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව “වන්නි සේවය” ආරම්භ කිරීම.

1993.08.26                 

ස්ටීරියෝ පහසුකම් සහිත නව බහුකාර්ය මැදිරිය (NEW MULTI STUDIO COMPLEX) විවෘත කිරීම. ජපන් ආධාර යටතේ නව සම්බන්ධතා මැදිරි සංකීර්ණයක්, පාලක මැදිරියක් සහ පටිගත කිරීමේ මැදිරියක් මෙම බහුකාර්ය මැදිරියට අයත් ය.

1993.08.26                 

බාහිර ප්‍රචාරක රථයක් ජපන් රජයෙන් ලැබීම.

1993.08.26                 

ගුවන්විදුලි සඟරාව “ශ්‍රව්‍යවාහිණී” නමින් නිකුත් කිරීම

1994                           

දෙනියාය විකාශනාගාරයේ එෆ්. එම්. (FM) පද්ධතිය දියුණු කිරීම.

1994                           

ප්‍රචාරය වන ගීත සඳහා පද රචකයාට, සංගීතඥයාට සහ ගායකයාට කර්‍තෘභාග ගෙවීමට කටයුතු කිරීම.

1994                           

ප්‍රවෘත්ති ලුහුඬින් ප්‍රචාරය නැවත ආරම්භ කිරීම.

1994.06.22                 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනම විකාශයක් ලෙස “නව අධ්‍යාපන සේවය” ආරම්භ කිරීම. ප්‍රතිසංශෝධිත නව අධ්‍යාපන සේවය “ගුවන් තක්සලාව” නමින් විකාශන කටයුතු සිදු කරන ලදී.

1994.12.16                 

ගුවන්විදුලි සඟරාව ඇසිදිසි නමින් නිකුත් කිරීම.

1994.12.16                 

ශ්‍රාවක ප්‍රතිචාර සම්මාන උළෙල පැවැත්වීම.

1995.01.01                 

මුළු දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එෆ්. එම්. (කිලෝහර්ට්ස් KHz) තාක්ෂණය යොදා ගැනීම.

1995පෙබරවාරි           

ජපන් රජයේ ආධාර යටතේ ලැබුණ බහුකාර්ය මැදිරිය මෙදින සිට ආනන්ඳ සමරකෝන් බහුකාර්ය මැදිරිය ලෙස නම් කිරීම.

1995.10.21                 

ශ්‍රී ලංකා එෆ්. එම්. සේවයේ ගුවන් කාලය පැය 24 දක්වා දීර්ඝ කිරීම.

1995.12.16                 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව “විශ්වශ්‍රවණී සේවය” ආරම්භ කිරීම.

1995.12.19                 

ගුවන්විදුලි සංස්ථාව පළමුවරට ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වීම. අසන්නන්ට, හොඳම නිෂ්පාදනයට සහ සේවාදායක ආයතන සඳහා ද මෙහිදී සම්මාන පිරි නමන ලදී.

1995                           

පළමුවරට දකුණු ඉන්දියාවේ සිට එහි පැවති ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනය පිළිබඳ වැඩසටහන් 09ක් ප්‍රචාරය කිරීම. බලය බෙදාහැරීම මාතෘකාව යටතේ වැඩසටහන් කීපයක් මෙහිදී නිෂ්පාදනය කොට තිබුණි.

1996.01.09                 

“දෙමළ වෙළඳ සේවය” වෙනම සේවාවක් ලෙස ආරම්භ කිරීම.

1996.11.01                 

“ශ්‍රී ලංකා එෆ්. එම්. සේවය” සිංහල වෙළඳ සේවය හා ඒකාබද්ධ වීම. පසුව එම සේවය සිටි එෆ්. එම්. ලෙස නම් කරන ලදී.

1996.11.15                 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව “ලක්හඬ සේවය” ආරම්භ කිරීම. මෙම සේවය බත්තරමුල්ල ස්වාධීන රූපවාහිනී සේවය සමඟ පසුකාළීනව ඒකාබද්ධ විය.

1996 දෙසැම්බර්           

මුවන්පැළැස්ස නාට්‍යය ප්‍රචාරය නතර කිරීම.

1997                           

මධ්‍යම තරංග භාවිත කරමින් විසුරුවා හරින ලද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දේශීය සේවාවන් හී ප්‍රචාරණයන් සම්පූර්ණයෙන් නතර කිරීම.

1997.01.02                 

“පලාලි /යාපාපටුන සේවය” නැවත “යාපනය සේවය” ලෙස නම් කිරීම.

1997.01.06                 

“විශ්වශ්‍රවණී සේවය” සිංහල ස්වදේශීය සේවය හා ඒකාබද්ධ වීම.

1997.01.24                 

විවිධ සේවාවල පවත්වා ගෙන ගිය තරඟ විස්තර ප්‍රචාරය වෙනම සේවාවක් ලෙස “ ක්‍රීඩා විකාශනය” නමින් ආරම්භ කිරීම. මෙය ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා විකාශන සේවයයි.

1997.02.17                 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව බී.බී.සී. ආයතනය සමඟ ඒකාබද්ධ වී නැවත වැඩසටහන් ප්‍රචාරය කිරීම. ඒ අනුව සිංහල ස්වදේශීය සේවයෙන් රාත්‍රී 9.15 සිට රාත්‍රී 9.45 දක්වා සංදේශය වැඩසටහන ප්‍රචාරය විය. ඉංග්‍රීසි සේවයෙන් සවස 3.00ට වැඩසටහන ප්‍රචාරය කරන ලදී.

1997.04.01                 

“ලක්හඬ සේවය” ගුවන්විදුලි සංස්ථාවෙන් වෙන්වී ස්වාධීන රූපවාහිනී සේවය සමඟ අනුබද්ධ විම.

1997.07.17                 

කරගහතැන්න නව එෆ්. එම්. විකාශනාගාරය විවෘත කිරීම. නව එෆ්. එම්. ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය සිදු විය.

1997.08.16                 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව බී.බී.සී. (BBC) ආයතනය සමඟ ඒකාබද්ධ වී දෙමළ ස්වදේශීය සේවය ඔස්සේ වැඩසටහන් ප්‍රචාරය සිදු කිරීම.

1997.08.23                 

වව්නියා විකාශනාගාරය විවෘත කිරීම.

1997                           

හුන්නස්ගිරිය, යටියන්තොට, හපුතලේ ප්‍රතිවිකාශන මධ්‍යස්ථාන ඇති කිරීම.

1998                           

ශුද්ධ තරංග ව්‍යාපෘතිය ( MICROWAVE PROJECT) ආරම්භ කිරීම.

1998                           

කන්තලේ මධ්‍යම තරංග (MW) විකාශනාගාරය වසා දැමීම.

1998.04.12                 

පස්වන ප්‍රජා ගුවන්විදුලිය වශයෙන් “පුලතිසිරාවය ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම.

1999                           

යුද බිමේ සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් අතර සබඳතා ඇති කරමින් “රණබිමෙන් නිවහනට හා නිවහනින් රණබිමට” වැඩසටහන ආරම්භ කිරීම.

1999.04.30                 

කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි සේවයට අන්තර්ජාල පහසුකම් ලබා දීම. යුනෙස්කෝ ආයතනය මේ සඳහා මූලිකත්වය ගන්නා ලදී. දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ අවධානයට කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය ලක් වූ අතර අන්තර්ජාලය සම්බන්ධ පුහුණු වැඩසටහන්ද මෙහි ආරම්භ කර ඇත.

1999.05.14                 

මැදපෙරදිග සේවය නැවත ආරම්භ කිරීම. මේ අනුව පළමුවරට ශ්‍රී ලංකාවේ අසන්නන්ට රාත්‍රී 10.15 සිට 11.15 දක්වා මැදපෙරදිග සේවය ශ්‍රවණයට හැකි වේ.

2000.02.14                 

ගුවන්විදුලි සහ රූපවාහිනී බලපත්‍ර අහෝසි කිරීම.

2000.03.20                 

විසිර ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම. ක්‍රීඩා විකාශනයේ තරංගමාලා (සංඛ්‍යාත) මේ සඳහා යොදා ගන්නා ලදී.

2001.02.20                 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 75වන සංවත්සරය මුල් කර ගෙන පැරණි ප්‍රවීණ විශ්‍රාමික සේවකයන්ට සහ සංස්ථාවේ පැරණි සේවකයන් සඳහා සම්මාන උළෙලක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙදින සවස 6.30ට පැවැත් වීම.

2001.03.22                 

වෙළඳ සේවය “පවන - Radio Sri Lanka” වශයෙන් නම වෙනස් කිරීම.

2001.04.05                 

“ලක්හඬ” ගුවන්විදුලි සේවය ස්වාධීන රූපවාහිනී සේවා ගොඩනැගිල්ලට ගෙන යාම.

2001.04.05                 

“විසිර ගුවන්විදුලි සේවය” පෙරවරු 6.00 සිට 9.00 දක්වාත් “ක්‍රීඩා සේවය” පස්වරු 5.00 සිට රාත්‍රී 9.15 දක්වාත් ප්‍රචාරය කිරීම.

2001.04.14                 

දෙමළ වෙළඳ සේවය “තෙන්ඩ්‍රල්” නමින් හැඳින්වීම.

2001.08.15                 

“අග්නිදිග ආසියානු ගුවන්විදුලි සේවයේ”(SOUTH - EAST ASIA SERVICE) විකාශන කටයුතු නතර කිරීම.

2001.09.12                 

ගුවන්විදුලි සංස්ථාවේ පළමු මැදිරිය “ආචාර්ය අමරදේව මැදිරිය” ලෙස නම් කිරීම.

2001.10.25                 

ළමා පරපුර වෙනුවෙන් “සුරතල් නංගියේ” ගීත කැසට් පටය වෙළඳපොළට නිකුත් කිරීම.

2002.01.01                 

“වානම්පාඩි සේව‍යේ” විකාශන කටයුතු නතර කිරීම.

2002.02.01                 

ක්‍රීඩා විකාශයේ වැඩසටහන් පවන ගුවන්විදුලි සේවය හා සම්බන්ධ කිරීම.

2002.02.28                 

විසිර ගුවන්විදුලි විකාශය නතර කිරීම.

2002.03.30                 

වන්නි සේවයේ විකාශන කටයුතු නතර කිරීම.

2002.06.03                 

ගුවන්විදුලි සංස්ථාවේ පස්වන මැදිරිය කරුණාරත්න අබේසේකර මැදිරිය ලෙස නම් කිරීම.

2002.07.01                 

රජරට, රුහුණ, කඳුරට යන ප්‍රාදේශීය සේවා රජරට එෆ්. එම්., රුහුණ එෆ්. එම්., කඳුරට එෆ්. එම්. වශයෙන් නම් කිරීම.

2002 සැප්තැම්බර්         

යටියන්තොට, කරගහතැන්න, හපුතලේ විකාශනාගාර එෆ්.එම්. (FM) තරංග විකාශනාගාර බවට පත් කිරීම හා වැඩසටහන් ප්‍රචාරය කිරීම.

2002.10.15                 

“පවන - Radio Sri Lanka” වශයෙන් හැඳින්වීම නතර කිරීම. පසුව මෙම සේවය මහජන ගුවන්විදුලිය සහ Peoples Radio වශයෙන් හඳුන්වා ඇත. පසු කාළීනව Info @ Radio යනුවෙන් 2003 ජූලි 31වන දින දක්වා හඳුන්වා දී තිබුණි. අනතුරුව නිලනාමය වෙනුවට සංඛ්‍යාතයෙන් එනම් 87.6 / 91.2 කොළඹින් අපි හැමෝටම.... යනුවෙන් සේවය හඳුන්වනු ලැබිණ.

2003.03.02                 

හයවන ප්‍රජා ගුවන්විදුලිය ලෙස “ඌව ප්‍රජා ගුවන්විදුලි සේවය” ආරම්භ කිරීම.

2003.07.27                 

ප්‍රවෘත්ති අංශය නූතන තාක්ෂණ ක්‍රමවේද අනුව ජාලගත කිරීම සහ ප්‍රවෘත්ති සඳහා මාර්ග දර්ශකයක් එළි දැක්වීම.

2003.10.01                 

සිටි එෆ්. එම්. සේවය නැවත ආරම්භ කිරීම. (මේ දක්වා Info @ Radio යනුවෙන් මෙන්ම නිලනාමය වෙනුවට 87.6 / 91.2 කොළඹින් අපි හැමෝටම.... යනුවෙන් සංඛ්‍යාතයෙන් සේවය හඳුන්වා දී තිබුණි.)

2004.01.15                 

වෙළඳ සේවය නැවත ආරම්භ කිරීම.

2004.01.16                 

හජ්ජි වන්දනාව ඇතුළත් පළමු මුස්ලිම් කැසට් පටය නිකුත් කිරීම.

2004.03.18                 

සිටි එෆ්. එම්. (City fm) සේවයේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රචාරය පෙරවරු 7.00ට ආරම්භ කිරීම.

2004.03.26                 

යාපනය විකාශනය නැවත ආරම්භ කිරීම.

2004.07.01                 

ඉංග්‍රීසි සේවයේ ප්‍රචාරය වන බී. බී. සී. (BBC) වැඩසටහන් වෙනුවෙන් පැය 04ක ගුවන් කාලයක් විකාශන කටයුතු සඳහා ලබා දීම.

2004.09.17                 

පළමුවරට සිටි එෆ්. එම්. සහ තෙන්ඩ්‍රල් යන සේවා දෙක සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය ඇති කිරීම.

2005.01.16                 

දෙමළ වෙළඳ සේවය නැවත ආරම්භ කිරීම.

2005.03.11                 

ආර්. එන්. එන්. සේවය ආරම්භ කිරීම.

2005.05.09                 

ක්‍රීඩා සේවය නැවත ආරම්භ කිරීම.

2005.06.06                 

යුරෝපා සේවය ( EUROPEAN SERVICE) නතර කිරීම.

2005.10.24                 

ආර්. එන්. එන්. (RNN) සේවය ඔස්සේ සමස්ත ආසියා හිංදි සේවය නැවත ආරම්භ කිරීම.

2005.11.04                 

පිරෛයි ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම. මේ යටතේ නැගෙනහිර පළාත ආවරණය කරන ලදී.

2005.12.03                 

සමස්ත ආසියා හිංදි සේවය (ALL ASIA HINDI SERVICE) තාවකාලිකව නතර කිරීම.

2005.12.16                 

සිංහල ස්වදේශීය සේවයට අන්තර්ජාල සබඳතාව ඇති කිරීම.

2005.12.16                 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුමකට එළඹීම. ඒ අනුව සංස්ථාවේ තෝරාගත් තැටි සහ පටි ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ දී සංරක්ෂණ කිරීම.

2005.12.16                 

සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරි අංක 10 සුනිල් සාන්ත මැදිරිය ලෙස නම් කිරීම.

2006.03.27                 

ආර්. එන්. එන් (RNN) සේවය නතර කිරීම.

2006.03.28                 

විදුල ළමා ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම.

2006.04.30                 

කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය සඳහා සැරිසර මැදිරිය (ඊ ටුක් ටුක්) ආරම්භ කිරීම.

2006.07.01                 

සිංහල ස්වදේශීය සේවයේ වැඩසටහන් පෙරවරු 4.45ට ආරම්භ කිරීම.

2006.07.01                 

සිටි එෆ්. එම්. (City fm) සේවයේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රචාරය පෙරවරු 6.00ට ආරම්භ කිරීම.

2006.12.09                 

භාෂා විද්‍යාගාරයක් කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි සේවයේ ආරම්භ කිරීම.

2006.12.16                 

ගුවන්විදුලි සංස්ථාවේ අංක 7,8 සහ 9 යන පටිගත කිරීමේ මැදිරි සංකීර්ණය ඩී. එම්. කොළඹගේ යනුවෙන් නම් කිරීම.

2006.12.18                 

මුවන්පැළැස්ස නාට්‍යය නැවත වෙළඳ සේවයෙන් ප්‍රචාරය කිරීම.

2007.01.05                 

ගුවන්විදුලි ‍කෞතුකාගාරය නැවත විවෘත කිරීම. ඒ අනුව පැරණි පාලක මැදිරිය අසල කෞතුකාගාරය ස්ථාපනය කරන ලදී.

2007.01.05                 

ගුවන්විදුලි භාෂා විද්‍යාගාරය සහ ආපදා සන්නිවේදන මැදිරිය විවෘත කිරීම.

2007.01.05                 

ගුවන්විදුලි සඟරාව නැවත “තරංගා” නමින් ආරම්භ කිරීම.

2007.11.11                 

පිරෛයි එෆ්. එම්. ප්‍රාදේශීය සේවයට අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් නව ගොඩනැගිල්ලක් ලැබීම.

2007.11.12                 

ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන්විදුලිය නැවත විකාශන කටයුතු ආරම්භ කිරීම.

2008.01.01                 

සිංහල ස්වදේශීය සේවයේ වැඩසටහන් පෙරවරු 4.30ට ආරම්භ කිරීම.

2008.03.11                 

සිංහල වෙළඳ සේවයේ ශ්‍රවණ තත්ත්වය වැඩි දියුණු කිරීම. ඒ අනුව කොළඹ 93.3 සංඛ්‍යාතයේ ධාරිතාව කිලෝවොට් (KW) 300 සිට 1500 දක්වා වැඩි කිරීම.

2008.04.01                 

ගුවන්විදුලි ධර්මදේශනා දිනපතා පෙරවරු 8.00 සිට 9.00 දක්වා සහ රාත්‍රී 8.00 සිට 9.00 දක්වා ප්‍රචාරය ආරම්භ කිරීම. මීට පෙර බදාදා සහ ඉරිදා දිනවල පමණක් ධර්මදේශනා ප්‍රචාරය කරන ලදී.

2008.06.04                 

විදුල ළමා ගුවන්විදුලියේ ගුවන් කාලය සංශෝධනය කිරීම. ඒ අනුව සතියේ දිනවල පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වාත් පස්වරු 2.00 සිට 6.00 දක්වාත් සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි පෙරවරු 6.00 සිට පෙරවරු 10.00 දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වාත් වූ ගුවන් කාලය ළමා ගුවන්විදුලි වැඩසටහන් සඳහා වෙන් කරන ලදී.

2008.07.01                 

කොළඹ ජාත්‍යන්තර රේඩියෝව (COLOMBO INTERNATIONAL RADIO) නතර කිරීම.

2008.09.01                 

විදුල ළමා ගුවන්විදුලි සේවය සිංහල ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධ කිරීම. මේ සමඟ විදුල සේවයේ වැඩසටහන් පස්වරු 3.00 සිට පස්වරු 6.00 දක්වා ප්‍රචාරය සිදු විය. විදුල ප්‍රචාරය වූ සංඛ්‍යාතය ඔස්සේ ද ස්වදේශීය සේවා වැඩසටහන් ප්‍රචාරය විය.

2008.09.07                 

ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධ වූ විදුල ළමා ගුවන්විදුලියේ ගුවන් කාලය සංශෝධනය කිරීම. ඒ අනුව සතියේ දිනවල පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වාත් පස්වරු 2.00 සිට 6.00 දක්වාත් සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි පෙරවරු 6.00 සිට පෙරවරු 10.00 දක්වාත් පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වාත් වූ ගුවන් කාලය ළමා ගුවන්විදුලි වැඩසටහන් සඳහා වෙන් කරන ලදී.

2008.10.09                 

සන්ධ්‍යා සේවය “ගොවි ගෙදරින් මහ ගෙදරට” යන නමින් නැවත ආරම්භ කිරීම.

2008.10.22                 

සමස්ත ඉන්දීය සේවය (ALL INDIAN SERVICE) හෙවත් කොළඹ ජාත්‍යන්තර ගුවන්විදුලි සේවය COLOMBO INTERNATIONAL RADIO)ආරම්භ කිරීම.

2008.11.01                 

රුහුණු සේවයේ ගුවන් කාලය සංශෝධනය කිරීම. ඒ අනුව පෙරවරු 5.30ට ආරම්භ කිරීම.

2009.01.01                 

තරංඟා ගුවන්විදුලි සඟරාව හඬ සඟරාව නමින් නිකුත් කිරීම.

2009.01.30                 

බොලිවුඩ් ස්ටාර් හිංදි වැඩසටහනේ අවසන් මහා තරඟය පැවැත්වීම. වෙළඳ සේවයේ ඔස්සේ පැවැත් වූ හිංදි ගායන කුසලතා තරඟයෙන් අවසන් වටයට තේරී පත් වූවන් මේ සඳහා සහභාගි වූහ.

2009.02.07                 

වයඹ හඬ ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම.

2009.06.01                 

සිංහල ස්වදේශීය, සිංහල වෙළඳ සහ සිටි එෆ්. එම්. යන සේවා පෙරවරු 4.55ට විකාශන කටයුතු ආරම්භ කිරීම.

2009.07.29                 

සංඛ්‍යාංක සංරක්ෂණ ඒකකය පිහිටුවීම. ඒ අනුව පැරණි තැටි සහ පටිවල අඩංගු ගීත හා කතා කොටස් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සංරක්ෂණය කෙරේ.

2009.08.15                 

දෙණියාය විකාශනාගාරයේ ධාරිතාව කිලෝවොට් (KW) 05 දක්වා වැඩි කිරීම.

2009.08.17                 

රජරට, රුහුණ යන ප්‍රාදේශීය සේවාවන්හි ගුවන් කාලය පෙරවරු 5.30 සිට පස්වරු 7.30 දක්වා වෙනස් කිරීම.

2009.08.27                 

සමස්ත ඉන්දීය සේවය හෙවත් කොළඹ ජාත්‍යන්තර ගුවන්විදුලි සේවය නතර කිරීම.         

2009.10.01                 

සිටි එෆ්. එම්., තෙන්ඩ්‍රල් සහ ඉංග්‍රීසි යන සේවා අන්තර්ජාලය ඔස්සේ විසුරුවා හැරීම.

2009.10.01                 

සිටි එෆ්. එම්. සේවයට ඔටෝමේෂන් (Automation) ක්‍රමය හඳුන්වා දීම.

2009.10.01                 

ඉරට්ටපෙරියකුලමේ ඉදිකළ මැදිරිය විවෘත කිරීම.

2009.10.01                 

පුලතිසිරාවය ප්‍රජා ගුවන්විදුලි සේවය නැවත ආරම්භ කිරීම.

2009.12.12                 

රුහුණු ප්‍රාදේශීය සේවයේ ගුවන් කාලය රාත්‍රී 8.00 දක්වා දීර්ඝ කිරීම.

2010.01.06                 

පලාලි සම්ප්‍රේෂණාගාරය විවෘත කිරීම සහ ‍මෙම ස්ථානයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සියලුම දෙමළ සේවා විසුරුවා හැරීම.

2010.02.22                 

දඹාන රේඩියෝ ගුවන්විදුලි සේවය ආරම්භ කිරීම. ගිරාඳුරුකෝට්ටේ ගුවන්විදුලි සේවයේ සංඛ්‍යාතය මේ සඳහා භාවිත කරයි.

2010.03.28                 

සමස්ත ආසියා සේවය ආරම්භ කිරීම. ඒ යටතේ කොරියානු සේවය ප්‍රචාරය කරන ලදී. සිටි එෆ්. එම්. සේවයේ පස්වරු 4.00 සිට පස්වරු 5.00 දක්වා ගුවන් කාලය මේ සඳහා වෙන් කළේය.

2010.04.14                 

සිංහල, දෙමළ අළුත් අවුරුදු වැඩසටහන් පූනරින් සිට විසුරුවා හැරීම.

2010.04.15                 

සිංහල ස්වදේශීය සහ දෙමළ සේවා ඔස්සේ බී. බී. සී. සංදේශය වැඩසටහන නැවත ප්‍රචාරය කිරීම.

2011.03.11                 

සයුර රේඩියෝ සේවයේ ප්‍රචාරය ආරම්භ කිරීම. සිටි එෆ්.එම්. සේවය ඔස්සේ රාත්‍රී 12.00 සිට අළුයම 4.00 දක්වා ගුවන් කාලය මේ සඳහා යොදා ගත්තේය. 2015 මාර්තු 01 දින සයුර රේඩියෝ සේවයේ ප්‍රචාරය නතර කරන ලදී.

2011.07.04                 

සම්බුද්ධ ජයන්තිය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ සිත නිවන බුදු බණ වැඩසටහන ආරම්භ කිරීම. අපවත් වී වදාල සංඝපීතෘන් වහන්සේලාගේ දේශනා උදෑසන 5.00 සිට 5.45 දක්වා මේ යටතේ විසුරුවා හරිනු ලැබේ.

2011.07.04                 

සිංහල ස්වදේශීය සේවයේ වැඩසටහන් විසුරුවා හැරීම අළුයම 4.30ට ආරම්භ කිරීම.

2011.12.16                 

පළමුවරට මොබිටෙල් ආයතනය හා එක්ව ජංගම දූරකථන ඔස්සේ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ශ්‍රවණයට අවස්ථාව ලබා දීම.

2012.02.04                 

සිටි එෆ්.එම්. සේවයේ වැඩසටහන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නැවත ප්‍රචාරය කිරීම.

2012.03.15                 

ටයිම් රේඩියෝ (Time Radio) ආරම්භ කිරීම. දෙස්විදෙස් කෙළිබිමේ නැවුම් තොරතුරු, කලා පුවත් සහ ගීත ශ්‍රාවකයාට ගෙන ඒමේ අරමුණින් මෙම සේවය ආරම්භ කරන ලදී.

2012.07.19                 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් අංශය පළමුවරට අන්තර්ජාල ගුවන්විදුලි සේවයක් පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම.

2013.06.19                 

සිටි එෆ්.එම්. සේවය ත්‍රීවිල් ස්ටාර් වැඩසටහන ආරම්භ කිරීම.

2013.03.27                 

බී.බී.සී. (BBC) සංදේශය ප්‍රචාරය නැවත නතර කිරීම.

2014.01.30                 

රජරට නිවාඩු නිකේතනය නැවත විවෘත කිරීම.

2014.01.31                 

සිටි එෆ්.එම්. සේවය ආරම්භ කළ ත්‍රීවිල් ස්ටාර් වැඩසටහනේ ජයග්‍රහකයනට ත්‍යාග ප්‍රදානය කිරීම හා ත්‍රීවිල් ස්ටාර් සංයුක්ත තැටිය එළි දැක්වීම.

2014.03.11                 

ටයිම් රේඩියෝව නතර කිරීම.

2014.03.12                 

විදුල ළමා ගුවන්විදුලියේ උදෑසන ප්‍රචාරණ කටයුතු නතර කිරීම.

2014.05.05                 

ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ බෞද්ධාලෝක මාවත ආසන්නයේ ඉදි කෙරෙන නව ගොඩනැගිල්ලට මෙදින පෙරවරු 9.58ට යෙදුන සුබ මොහොතින් මුල්ගල තැබීම.

2014.07.21                 

හින්දි සේවයේ ගුවන් කාලය පැයකින් අඩු කිරීම.

2014.12.01                 

ළමාපිටිය වැඩසටහන නැවත ආරම්භ කිරීම.

2015.02.13                 

ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන ගීත සඳහා කර්‍තෘභාග ගෙවීම නැවත ආරම්භ කිරීම.

2015.05.09                 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළි දැක්වීම.

2015.07.08                 

ඉලෙක්ෂණ් (Election) එෆ්.එම්. සේවය ආරම්භ කිරීම. පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ප්‍රචාරණ කටයුතු සිදු කරන ලදී. 107.3 සහ 107.5 සංඛ්‍යාත මේ සඳහා යොදා ගෙන ඇත.

2016.01.06                 

ජනාධිපතිවරයෙක් ප්‍රථමවරට ගුවන්විදුලි සංස්ථා පරිශුයේදී සජීවීව වැඩසටහනකට සම්බන්ධවිම. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙදින ස්වදේශීය සේවය ඔස්සේ සුභාරතී වැඩසටහනට එක් වූහ.

(තොරතුරු සැකසීම - ශ්‍රවණ පර්යේෂණ අංශය)  

ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය ආරම්භයේ සිට පාලන අධිකාරියට පත් වූ නිලධාරින් සහ සේවා කාලය

  නම තනතුර පත් වූ දිනය අවසන් වූ දිනය
01 එම්. එස්. ශ්‍රේෂ්ඨා තැපැල්පති 1924 ජූනි 27  
02 ෂර්ලි ඩා සිල්වා ගුවන්විදුලි අධිකාරි 1937 අගෝස්තු 02  
03 සී. එල්. පී. ගුණවර්ධන ගුවන්විදුලි අධිකාරි සහයක 1937 අගෝස්තු 28  
04 ජෝන් එන්. ලැම්ප්සන් ගුවන්විදුලි අධ්‍යක්ෂ පසුව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් විය 1949 ඔක්තෝබර් 05 1952 අගෝස්තු 05
05 එම්. ජේ. පෙරේරා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් 1952 අගෝස්තු 05  
06 අධ්‍යක්ෂ ජනරාල් 1952 දෙසැම්බර් 19 1956 සැප්තැම්බර් 17
07 ජී. ජේ. ද සේරසිංහ අධ්‍යක්ෂ ජනරාල් 1956 ඔක්තෝබර් 15 1958 ජූනි 06
08 තිලක් ඊ. ගුණරත්න වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් 1958 ජූනි 06  
09 අධ්‍යක්ෂ ජනරාල් 1958 නොවැම්බර් 01 1959 අප්‍රේල් 01
10 එස්. බී. සේනානායක වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් 1959 අප්‍රේල් 01  
11 රොනී ද මැල් අධ්‍යක්ෂ ජනරාල් 1960 නොවැම්බර් 25 1962 අගෝස්තු 03
12 එස්. බී. සේනානායක අධ්‍යක්ෂ ජනරාල් 1962 අගෝස්තු 03 1965 පෙබරවාරි 14
1962 අගෝස්තු මාසයේ සිට ගුවන්විදුලි දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ වීම.
13 වින්සන්ට් පණ්ඩිත සහකාර අධ්‍යක්ෂ ජනරාල් 1962 සැප්තැම්බර් 10  
14 ආචාර්ය   නිශ්ශංක විජේරත්න අධ්‍යක්ෂ ජනරාල් 1965 පෙබරවාරි 17 1965 මැයි 14
15 වින්සන්ට් පණ්ඩිත අධ්‍යක්ෂ ජනරාල් 1965 මැයි 14 1966 ජනවාරි 08
16 ඩී. ආර්. අලුවිහාරේ අධ්‍යක්ෂ ජනරාල් 1966 ජනවාරි 18  
17 නෙවිල් ඩී. ජයවීර අධ්‍යක්ෂ ජනරාල් 1966 ජූනි 23  
   1967 ජනවාරි 05 ගුවන්විදුලි සේවය ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෙස නම් කිරීම.
18 නෙවිල් ඩී. ජයවීර සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1967 ජනවාරි 05 1970 මැයි 30
19 සුසිල් කුමාර මුණසිංහ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1970 ජූනි 01 1972 අගෝස්තු 02
20 ඔස්වල්ඩ් තිලකරත්න සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1972 අගෝස්තු 02  
21 රිජ්වේ තිලකරත්න සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1973 සැප්තැම්බර් 01 1977 ජූලි 23
22 එම්. ඩී. ඩී. පීරිස් සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1977 ජූලි 23 1977 අගෝස්තු 04
23 ආචාර්යසරත්අමුණුගම සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1977 අගෝස්තු 05 1978 පෙබරවාරි 08
24 ඒමන් කාරියකරවන සභාපති 1978 පෙබරවාරි 09 1984 ජනවාරි 30
25 තේවිස් ගුරුගේ අධ්‍යක්ෂ ජනරාල් 1978 පෙබරවාරි 09 1983 මාර්තු 23
26 ටී. ජී. ගුණසේකර අධ්‍යක්ෂ ජනරාල් 1983 ජූනි 01 1985 ජූනි 11
27 ලිවී ආර්. විජේමාන්න සභාපති 1984 පෙබරවාරි 01 1989 මාර්තු
28 කරුණාරත්න වීරමන් අධ්‍යක්ෂ ජනරාල් 1985 ජූලි 12 1989 මාර්තු 13
29 ආචාර්ය නන්දන කරුණානායක අධ්‍යක්ෂ ජනරාල් 1989 මාර්තු 13 1989 මැයි 18
30 හඩ්සන් සමරසිංහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1989 මාර්තු 13  
31 ඊලියන් ද සිල්වා සභාපති 1989 මාර්තු 23 1989 මැයි 18
32 තේවිස් ගුරුගේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1989 මැයි 19 1989 ජූලි 23
33 ස. ජ. සුමනසේකර බණ්ඩා වැඩ බලන සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1989 ජූලි 23  
34 හඩ්සන් සමරසිංහ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1989 දෙසැම්බර් 12  
35 ලලිත් එස්. මෛත්‍රීපාල සභාපති 1991 දෙසැම්බර් 11  
36 විජය කොරයා අධ්‍යක්ෂ ජනරාල් 1991 දෙසැම්බර් 11  
37 කුමාර් අබේසිංහ සභාපති 1993 ජූනි 01 1994 සැප්තැම්බර් 04
38 ගාමිණී කාරියවසම් අධ්‍යක්ෂ ජනරාල් 1993 අගෝස්තු 03  
39 ජනදාස පීරිස් අධ්‍යක්ෂ ජනරාල් 1994 සැප්තැම්බර් 01  
40 ඩබ්ලියූ. පී. එස්. ජයවර්ධන සභාපති 1994 සැප්තැම්බර් 01 1996 මාර්තු 01
41 එන්. යූ. යසපාල සභාපති 1996 මාර්තු 06 1996 අගෝස්තු 31
42 ජනදාස පීරිස් සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 1996 සැප්තැම්බර් 01 2001 දෙසැම්බර් 05
43 එරික් ප්‍රනාන්දු අධ්‍යක්ෂ ජනරාල් 1998 මාර්තු 02  
44 නිව්ටන් ගුණරත්න අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1996 සැප්තැම්බර් 10  
45 විජය වික්‍රමරත්න අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 2001 පෙබරවාරි 06 2002 ජනවාරි 31
46 වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් 2002 මාර්තු 05  
47 කරුණාරත්න පරණවිතාන අධ්‍යක්ෂ ජනරාල් 2001 අප්‍රේල් 16 2001 දෙසැම්බර් 12
48 කුමාර් අබේසිංහ වැඩ බලන සභාපති 2001 දෙසැම්බර් 24  
49 මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක සභාපති 2002 ජනවාරි 16 2003 නොවැම්බර් 04
50 ඒරානන්ද හෙට්ටිආරච්චි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 2002 පෙබරවාරි 01  
51 නිමල් ලක්ෂපතිආරච්චි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් 2002 පෙබරවාරි 22 2003 නොවැම්බර් 05
52 හඩ්සන් සමරසිංහ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් 2003 නොවැම්බර් 05 2005 නොවැම්බර් 24
53 සුනිල් සරත් පෙරේරා සභාපති 2005 නොවැම්බර් 25 2008 පෙබරවාරි 28
54 නීතීඥ සමන්ත වැලිවේරිය අධ්‍යක්ෂ ජනරාල් 2005 දෙසැම්බර් 01 2014 නොවැම්බර් 19
55 අනූෂ පැල්පිට වැඩ බලන සභාපති 2008 මාර්තු 03 2010 මැයි 01
56 හඩ්සන් සමරසිංහ සභාපති 2008 ජූනි 19 2010 මැයි 01
57 2010 මැයි 04 2015 ජනවාරි 09
58 ටී. ඩී. කේ. ජයන්ත අධ්‍යක්ෂ ජනරාල් 2014 නොවැම්බර් 20 2015 ජනවාරි
59 ඒරානන්ද හෙට්ටිආරච්චි අධ්‍යක්ෂ ජනරාල් 2015 ජනවාරි 19 අද දක්වා
60 අධිනීතිඥ නන්ද මුරුත්තෙට්ටුවෙගම සභාපති 2015 ජනවාරි 21 අද දක්වා

(තොරතුරු සැකසීම - ශ්‍රවණ පර්යේෂණ අංශය)