Tue06252019

Last updateTue, 18 Jun 2019 8am

Business News

අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා කිසිසේත්ම බදු පැනවීමක් සිදුකර නැතැයි මුදල් රාජ්‍ය ඇමතිවරයා කියයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා බදු පැනවීමක් සිදුවී නැතැයි මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ 37 සදහාම බදු පනවා නැත. ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු සදහන් කලේ පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ පරිපුරක ඇස්තමේන්තුවෙන් අලුතින් මුදල් වෙන්වීමක් සිදුකර නැති බවයි

Read more...

එලායන්ස් ෆිනැන්ස් ආයතනය ප‍්‍රථම වරට සංවිධාන කරනු ලබන ඒ එෆ් සි’ මෝටර් බයික් ෂෝ 2016

 

එලායන්ස් ෆිනැන්ස් ආයතනය ප‍්‍රථම වරට සංවිධාන කරනු ලබන ඒ එෆ් සි’ මෝටර් බයික් ෂෝ 2016 යතුරුපැදි ප‍්‍රදර්ශනය ලබන මස 14 සහ 15 යන දිනවල කොළඹ 07” ආනන්දකුමාරස්වාමි මාවතේ දි පැවැ්තවෙ‘’  පෙරවරු 10’00 සිට රාති‍්‍ර 10’00 දක්වා එය විවෘතයි’

Read more...

රටකට සංචාරක ව්‍යාපාරය මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක්

රටකට සංචාරක ව්‍යාපාරය මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලායන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ නිසා යටිතල පහසුකම් දියුණු කිරීම ප්‍රධාන අවශ්‍යතාවක් වෙයි. එහි එක් කොටසක් ලෙස දුම්රිය සේවාවද විධිමත් කෙරේ. වර්තමානයේදි දුම්රිය මගින් විදේශ සංචාරකයින් දිවයිනේ සෑම ප්‍රදේශවලටම ගමන් කරයි. මේ නිසා මහනුවර. නානුඔය. පට්ටිපොල. අඹේවෙල. හපුතලේ. දියතලාව. බණ්ඩාරවෙල ඇල්ල හා බදුල්ල දුම්රිය ස්ථාන කඩිනමින් නවිකරණය කිරිමට තිරණය කර ඇත. ඒ සදහා රුපියල් කෝටි 19 ක් වැය කෙරේ.

සඹරගමුව පලාතට ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයක්

 

සඹරගමුව පලාත් සභාව පලාත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයක් අරඹයි. කැගල්ල රඹුක්කන. වල්ගම ආයුර්වේද රෝහල කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරෙන මෙම පලාත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයේ ඉදිකිරිම් මේ වන විට අවසන් වෙමින් පවති. රත්නපුර හා කැගල්ල දිස්ත්‍රික්කවල ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථ.ාන සදහා අවශ්‍ය සියලු ඔසු මෙහි නිෂ්පාදනය කිරිම අරමුණයි. දැනට රත්නපුර කැගල්ල . පුස්සැල්ල. කිතුල්ගල. ඇඹිලිපිටිය. වරකාපොල යන ආයුර්වේද රෝහල්වල ඔසු වර්ග කුඩා ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ. එය පලාතේ රජයේ ආයුර්වේද රෝහල් සදහා අවශ්‍ය සමස්ථ ඔසු ප්‍රමාණයෙන් සියයට විස්සක් පමණ නව ඔසු නිෂ්පාදනගාරයෙන් සඹරගමුවට අවශ්‍ය සමස්ථ ඔසු ප්‍රමාණයෙන් සියයට අසුවක් නිෂ්පාදනය කිරිමට අපේක්ෂා කෙරේ. දැනට සඹරගමුව පලාතට වාර්ෂිකව අවශ්‍ය ඔසු රුපියල් කෝටි 5 ක් පමණ වැය කර ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නිතිගත සංස්ථාවෙන් මිලදි ගැනේ. නව ඔසු නිෂ්පාදනාගාරය ඉදිවිමත් සමග පලාතේ තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා ද උදාවෙයි.

මාතර දිස්ත්‍රික්කයේ කුරුඳු වගාවට ඉහල ඉල්ලුමක්

මාතර දිස්ත්‍රික්කයේ කුරුඳු වගාවට ඉහල ඉල්ලුමක් පවතින බව දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලය පවසයි. මේ වනවිට වගාකරුවෝ 400 ක් පමණ අලුතින් වගාව සදහා එක්වී සිටිති. අකුරැස්ස කොටපොල . දෙයියන්දර අතුරලිය . පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුරු වගාව සාර්ථකව සිදු කෙරේ. හෙක්ටයාර 2 ක වගාවක් සදහා රජය සහනාධාරයක් ලෙස රුපියල් අටදහසක මුදලක් ලබා දෙයි.