Tue09252018

Last updateMon, 30 Jul 2018 10am

Business News

පහවසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 18 වැනි වතාවටත්

ජාතික ඉතිරි කිරීමේ බැංකුව හපන් ඉතිරි කිරීමේ ගිණුමේ අනුග්‍රහයෙන් සංවිධාන කෙරෙන පහවසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 18 වැනි වතාවටත් දිපව්‍යාප්ත මට්ටමින් පැවැත්වෙයි.  දිවයිනපුරා ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛා මහ තැපැල් බැංකු ජාලයේ මුලිකත්වයෙන් ප්‍රවීන දේශක මඩුල්ලකගේ සහභාගිත්වයෙන් දරුදැරියන් පහවසර ශිෂ්‍යත්ව විභාගයට වඩාත් සාර්ථකව මුහුණදීමට සුදානම් කිරීම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණයි.  ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදින්ගේ සංගමයේ වෛද්‍යවරුන් එම සම්මන්ත්‍රණවලදී දරුවන් හා දෙමව්පියන් බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරීමට නියමිතයි.

පිළිකා ඖෂධ වර්ග රැසක මිල ලබන මාසයේ සිට අඩු කෙරේ

 

පිළිකා රෝගීන් සදහා භාවිත කරන මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන මාසයේ පහත දමන බව ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.  පළමු අදියරේ දී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කෙරේ.  දෙවන අදියර යටතේ මිල අධික ඖෂධවල මිල අඩු කරන බව ඔහු සදහන් කරයි.   ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල මිලගණන් ද සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරේ.  සෞඛ්‍ය සේවයෙන් වැට් බද්ද ඉවත් කිරීම නිසා ගැටඵ රැසකට විසදුම් ලැබේ.  එම නිසා රෝහල් මිලද නියාමනය කරන බව සෞඛ්‍ය ඇමතිවරයා කියයි.  ඖෂධ මාෆියාව තුරන් කිරීමට ද පියවර ගැනේ.  පිළිකා ඖෂධ සදහා තිබු මාෆියාව තුරන් කෙරිණි.  රුසියාවෙන් ආනයනය කළ පිළිකා එන්නතින් රෝගීන්ට සංකූලතා ඇතිවු බවට මෙතෙක් වාර්තා ලැබී නැත

රබර් සදහා නිසි පාලන මිලක්

රබර් සදහා නිසි පාලන මිලක් වසර පුරා පවත්වා ගැනිම සදහා අතිරික්ත රබර් කිරි ගබඩා  කර තබා ගනිමින් අවශ්‍ය ප්‍රමාණයට  නිෂ්පාදකයන්ට  ලබාදිමේ සැලසුම් සහගත  වැඩපිළිවෙලක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය අරඹයි.  කුඩා පරිමාණ රබර් ගොවින් හා  නිෂ්පාදකයන් පුහුනු කිරිමේ ආයතන  පරිශ්‍රයේ හෝ  ඒ ආසන්නයේ  රබර් තොග ගබඩා කිරිමේ හා මිලදි ගැනිමේ  ගොඩනැගිලි  ස්ථාපිත කෙරෙනු ඇත.

කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2018 ප්‍රදර්ශනය BMICH හිදී

කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2018 ප්‍රදර්ශනය මේ මස 29. 30 සහ ජූලි මස පළමුවෙනි දින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත් වේ. වායු සමීකරණ. දොර ජනෙල්. වහල. නිවාස අභ්‍යන්තර නිමාව ආදී අංග රැසක් ප්‍රදර්ශනය කරේ.

තේ දඵ මිල ඉහලට

අමු තේ දඵ කිලෝවක මිල මේ වන විට රුපියල් 105 දක්වා ඉහල ගොස් තිබේ. කුඩා තේ වතු හිමියන් පවසන්නේ තේ දඵ මිල ඉහල ගියද අස්වැන්නේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවයි. පවතින කාලගුණික වෙනස්වීම් ඊට හේතුවී තිබේ. මේ වන විට වගාවන්ට පොහොර යෙදීම් ආරම්භ කර ඇත.