Tue09252018

Last updateMon, 30 Jul 2018 10am

Business News

ජගුවර් ඊපේස් මෝටර් රථය ශ්‍රි ලංකා වෙළඳපලට

නව ක්‍රියාකාරකම් රැසක් ඇති ජගුවර් ඊපේස් මෝටර් රථය ශ්‍රි ලංකා වෙළඳපලට හඳුන්වා දෙයි.  එය මෙරටට බෙදා හරින්නේ ජගුවර් හා ලෑන්ඩ් රෝවර් රථ මෙරටට ගෙන්වන ලද එස් එම් එල් ඔටෝ මෝටිව් ආයතනයයි.  ජීප් රථයක හැඩයක් ගන්නා එය බ්‍රිතාන්‍ය  නිෂ්පාදනයකි.

වෙළඳපලේ මිල තිරකයා බවට සතොස පත්වෙයි

සතොස මේ වින විට වෙළෙඳපලේ මිල තීරකයා බවට පත් වි ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය එස්.එච්.එම් . ෆරාස් මහතා පවසයි මේ වනවිට දිවයින පුරා සතොස අලෙවිසල් 400 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි. එ අනුව පුද්ගලික අංශය ද අඩු මිලට භාණ්ඩ අලෙවි කිරිමට පෙළඹි සිටින බව ෆරාස් මහතා පෙන්වා දෙයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අංශ ප්‍රධානි දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ මේ වනවිට උඩරට හා පහතරට අස්වනු නෙලිම සිදු කෙරෙන බැවින් ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වි තිබෙන බවයි ලීක්ස් හැර අනෙකුත් සියලු එළවඵ මිල ගණන් පහත වැටී ඇත

අප්‍රේල් මාසයේ මත්ස්‍ය මිලගණන් ඉහල යාම පාලනයට පියවර

 

උත්සව සමයේ මත්ස්‍ය මිලගණන් ඉහල යාම පාලනයට පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති මහින්ද අමරවීර මහතා ලංකා ධීවර සංස්ථාවට උපදෙස් දෙයි.  වෙලෙදපොලේ කුට ව්‍යාපාරිකයන් විසින් සිදු කරන ලබන පාරිභෝගිකයන් ගසා කෑම වැලැක්වීමේ අරමුණින් ඇමතිවරයා මෙම උපදෙස් දී තිබේ.  මේ අනුව උත්සව සමයේ විශේෂයෙන් අප්‍රේල් මාසය පුරාම මත්ස්‍ය වර්ග 4 ක මිලගණන් පහත දැමීමට ලංකා ධීවර සංස්ථාව පියවර ගෙන ඇත.  ඒ අනුව ලින්නා . තලපත් . බලයා සහ ඉස්සන් යන මත්ස්‍ය විශේෂවල මිලගණන් පහල දමා තිබේ.  එම සහන මිලගණන් යටතේ අවශ්‍ය තරම් මසුන් ලංකා ධීවර සංස්ථා අලෙවිසල්වලින් මිලදී ගත හැකි බව එහි සභාපති ජගත් පෙරේරා මහතා පවසයි.  නව සහන මිල යටතේ ලින්නා මත්ස්‍ය කිලෝවක් රුපියල් 250 කටද බලයා කූරියා වශයෙන් කිලෝග්‍රූමයක් රුපියල් 350 කටද . කපන ලද බල කිලෝග්‍රූම් එකක් රුපියල් 550 කටද . තලපත් කිලෝග්‍රූමයක් රුපියල් 720 කටද . ඉස්සන් කිලෝග්‍රූමයක් රුපියල් 890 කටද අලෙවි කෙරේ.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඊ ව්‍යාපාර ක්‍රමවේදය

ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ  ඊ ව්‍යාපාර ක්‍රමවේදය බී පෝස්ට් ඩොට් එල් කේ ක්‍රමවේදය ලෙස හැඳුන්වේ.  දේශිය ක්ෂුද්‍ර සුඑ හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා ජාතික හා ජාත්‍යන්තර වෙළඳපල සොයාදීම සහ අදාල භාණ්ඩ තැපැල් සේවාව හරහා බෙදාහැරීම මෙම ක්‍රමවේදය හරහා සිදුකෙරේ. ඉන් දේශීය ව්‍යවසායකයන්ගේ ආර්ථික තත්ත්වය නගා සිටුවිමත්. ඔවුන්ගේ නිෂ්පාදන කාර්යය දිරිගැන්විමත්. ඇතුඑ අරමුණු ඉටු කෙරේ.  මෙම වෙබ් පදනම් ක්‍රියාවලිය සඳහා දේශීය ක්ෂුද්‍ර සුඑ හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයෝ් 200 ක් ලියාපදිංචි වි සිටිති  ඔවුන්ගේ නිෂ්පාදන දහසකට වැඩි ප්‍රමානයක් බී පොස්ට් ඩොට් එල් කේ වෙබ් අඩිවියේ පලකර ඇත.  මෙම නිෂ්පාදනයන්ගේ නිෂ්පාදන ඇතුලත් අවුරුදු පොලක් හෙට පෙරවරු 10.00 සිට පස්වරු 04.00 දක්වා තැපැල් මුලස්ථානයේ බිම් මහලේදි පැවැත්වේ

ඉඩම් අක්කර දහසක අඵතින් කජු වගා කිරීමට කජු සංස්ථාව පියවර ගනී

ත්‍රිවිධ හමුදා . සිවිල් ආරක්ෂක සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර දහසක අඵතින් කජු වගා කිරීමට කජු සංස්ථාව පියවර ගනී. රට තුළ පවතින කජු හිගයට විසදුමක් ලෙස මෙම තීරණය ගත් බව සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසයි. නියගය සහ පාරිසරික බලපෑම් හේතුවෙන් පසුගිය වසරේදී කජු අස්වැන්න සියයට පනහකින් පහත වැටිණ.