Thu01172019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

Business News

ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ තත්ත්ව මට්ටම සිංගප්පුරුවේ සහ ඩුබායි හි උසස් තාක්ෂණයට සමාන බව මයික්‍රොසොෆ්ට් ආයතනය කියයි

 

 

ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ තත්ත්ව මට්ටම සිංගප්පුරුවේ සහ ඩුබායි හි  උසස් තාක්ෂණයට සමාන බව මයික්‍රොසොෆ්ට් ආයතනය සදහන්  කරයි. එම ආයතනය සහ  ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ඊයේ නව ගිවිසුමකට අත්සන් තැබිය .  මෙරට කර්මාන්ත  සේවා . රාජ්‍ය අංශ ඩිජිටල්කරණය කිරිම සදහා ආධාර  කිරිමට මයික්‍රොසොෆ්ට් ආයතනය සූදානම්ව සිටි.   මේ වනවිට ලක්ෂ 60 ක් පමණ  මෙරට අන්තර්ජාලය භාවිත කරන අතර   ඉන් ලක්ෂ 50 ක් ෆේස්බුක් භාවිතා කරති

රාමසාන් උත්සව සමයේ අවශ්‍ය තරම් රටඉදි තොග සැපයීමට පියවර

රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සදහා අවශ්‍යතරම් රටඉදි තොග බෙදාහැරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාල බලධාරීන්ට උපදෙස් දෙයි.  මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්. එච්. ඒ. හලීම් සහ ජාතික සමගිය හා සංහිදියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. පවුසි යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව අගමැතිවරයා මෙම උපදෙස්දී තිබේ.  රාමසාන් සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සදහා මුස්ලිම් සිද්ධස්ථාන මගින් රටඉදි බෙදාහරි.  ඉකුත් වසරේ සෞදි අරාබිය නොමිලේ ලබාදුන් රටඉදි ටොන් 150 ක් ද. සතොස මගින් තවත් රටඉදි ටොන් 150 ක්ද බෙදාහැරීමට කටයුතු කෙරින.  මෙවර මැදපෙරදිග අස්වැන්න අඩුවීම නිසා නොමිලේ ලැබෙන රටඉදි  තොග අඩුවීමක් සිදුවී ඇත.  මේ හේතුවෙන් සතොස මගින් ප්‍රමාණවත් පරිදි රටඉදි තොග මැදිපෙරදිගින් ගෙන්වන ලෙස සතොස සභාපතිවරයාට හා මුදල් අමාත්‍යංශයේ නිලධාරින්ට උපදෙස්දී ඇත.  රටඉදි බෙදාහැරීමට මැතිහත්වන ලෙස කාගීල්ස් ආයතනය ඇතුඵ පෞද්ගලික අංශයට ද අගමැතිවරයා උපදෙස්දී තිබේ.

අතිරික්ත එළවඑ මිලදී ගැනිමට සියලු සුපිරි වෙළඳසල් ජාලා එක්වෙයි

මේ කන්නයේ අතිරික්ත එළවඑ මිලදී ගැනිමේ වැඩටසහනට ආර්පිකෝ සුපිරි වෙළඳසල් ජාලය ද එක්වෙයි. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා එම වෙළඳසල් ජාලයේ අධිපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා සමග කළ සාකච්ඡාවකට අනුව දැනට අලෙවි වී නැති සියලුම එළවඑ තොග මිලදි ගැනිමට යද්දෙහිගේ මහතා එකගතාව පලකර තිබේ. එමෙන්ම තම වෙළඳ ජාලය ලාභය නොතකා ගත් මිලටම එම එළවඑ පාරිභෝගිකයන්ට නිකුත් කිරිමට ක්‍රියා කරන බව ඔහු කියා සිටි. මේ අතර දඹුල්ල ආර්ථික වෙළඳූ මධ්‍යස්ථානයට ගොස් එහි නියෝජිතයන් සමග නව තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරන බව ඇමති සරත් අමුණගම මහතා පැවසුවේ දඹුල්ල වෙළඳ මණ්ඩල නියෝජිතයන් සමග සාකච්ඡාවේදිය.
මේ අතර ගොවීන්ගේ වට්ටක්කා තොග මිලදී ගැනිමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලිම පරිදි මහාභාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 50 ක මුදලක් වෙන්කර ඇත. එම මුදල් මේ වන විටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරින් වෙත මුදාහැර තිබේ. වට්ටක්කා අස්වැන්න මිලදී ගෙන සුදුසු පරිදි වෙළඳපල වෙත නිකුත් කිරිමේ වැඩපිළිවෙලක් ද මේ සමග ඇරඹෙයි. ඉදිරියේදි වෙළඳපල හා කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ වගා කටයුතු සිදුකරන්නැයි අමාත්‍ය මහින්ද අමරවිර මහතා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් දි තිබේ.

පිළිකා රෝගය සදහා ලබාදෙන ඖෂධවල මිල පාලනයක් ඉදිරි දින වලදි

 

පිළිකා රෝගය සදහා ලබාදෙන ඖෂධවල මිල පාලනයක් ඉදිරි දින වලදි සිදු කරනබව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසය.ි එමෙන්ම පුද්ගලික රෝහල්වල අයකිරිම් සදහා මිල පාලනයක් ඇති කරන බව ඇමතිවරයා පැවසුවේ ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද වැඩසටහනට එක්වෙමිනි . . පිළිකා වලට ගොදුරු වු රෝගියෙකුට රුපියල් ලක්ෂ 15 දක්වා පමණක් ප්‍රතිකාර ලබාදිමට සීමා වී තිබූ අතර. එම සිමාව දැන් ඉවත් කර තිබෙ.් පිළිකා රෝගින් මියගියේ රෝගය නිසාම නොව ප්‍රතිකාර ගැනිමට මුදල් නොමැතිවිම නිසා බව ඇමතිවරයා පැවසිය
මෙම අවස්ථාවට එක් වු අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා පැවසුවේ පසුගිය කාලයේ රෝගියෙකුට එන්නත් ලබාදිම සදහා විවිධ ලිපිලේඛණ රැගෙනඒමට අවශ්‍ය වුබවයි. එහෙත් මේ වනවිට එම සියලු නිතිරිති ඉවත් කර ඇති අතර. රෝගියාට මූල්‍ය සීමාවකින් තොරව ප්‍රතිකාර ලබාදෙන බව හෙතෙම කිය පසුගිය කාලයේ පිළිකා රෝගින්ට දෙන එන්නත් සදහා වාර්ෂිකව වැය කළේ රුපියල් මිලියන 1600 කි . එහෙත් ඉකුත් වසරේ දි ඒ සදහා රුපියල් මිලියන 2500 ක මුදලක් වැය කර ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසිය. අපේක්ෂා රෝහලේ සුවමංසල භාරකාර පූජ්‍ය වෑගංතලේ සීවලි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ 1982 වසරේ සිට සුව මංසල තුලින් රෝගින් ලක්ෂ 22 කට නවාතැන් පහසුකම් සලසා දි ඇති බවයි

පොහොර සහනාධාරය සදහා රුපියල් මිලියන 39 දහසක්

මේ වසරේ පොහොර සහනාධාරය සදහා රුපියල් මිලියන  39 දහසක් වෙන්කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.  වී නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම එලවඵ සහ පලතුරු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව ගොවීන්ට අවශ්‍ය පොහොර නියමිත කාලයට හිගයකින් .ෙතාරව ලබාදීමට විධිමත් වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සදහන් කරයි.