Fri11162018

Last updateWed, 14 Nov 2018 6pm

Business News

ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල පහතට

ඇමරිකා එක්සත් ජනපදයේ දෛනික ඉන්ධන නිෂ්පාදනය වැඩි වූ බවට පලවූ වාර්තාවල බලපෑමෙන් ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල පහත වැටෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ඒ අනුව ඊයේ දහවල් වන විට ලෝක වෙළඳපලේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 74 යි ශත 11 ක් වශයෙනි. එය සියයට දශම 8 ක පමණ මිල අඩු වීමකි. ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය දෛනික ඛනිජ තෙල් නිෂ්පාදනය නැවතත් වාර්තාගත අයුරින් බැරල් මිලියන දස සහස් දෙසිය හැට හතරක් දක්වා වැඩි වී ඇති බව සඳුදා අනාවරණය විය.

දකුණු පලාතේ නැවුම් තේ මංගල්‍යය ජාතික මහෝත්සවය මාතර

 

දකුණු පලාතේ නැවුම් තේ මංගල්‍යය ජාතික මහෝත්සවය මාතර කොටපොල ඓතිහාසික ගැටබරුව රජමහා  විහාරස්ථානයේදි හෙට පැවැත්වෙයි. එම පලාතේ තේ කම්හල්වල නව වසරේ නිෂ්පාදිත නිමි තේ උත්සවශ්‍රියෙන් පෙරහරකින් ගෙන ගොස් පුජා කිරිම මෙහිදි සිදුවෙයි. මෙම අවස්ථාවට  නවින් දිසානායක සහ සාගල රත්නායක යන ඇමතිවරු සහභාගිවෙති. හෙට උදෑසන 8 ට කිරිපිඩු ආහාර බුද්ධ පුජාව හා නැවුම් තේ මංජුසා රැගත් පෙරහර මොරවක්කෝරලයේ තේ නිපදවන්නන්ගේ පරිශ්‍රයේ සිට රජමහා විහාරස්ථානය දක්වා ගමන්කරයි.  පෙරවරු 11 ට කිරිපිඩු බුද්ධ පුජාව හා නැවුම් තේ මංගල්‍යයේ චාරිත්‍ර සිදුකෙරෙන බව ශ්‍රි ලංකා තේ මණ්ඩලයේ මාතර හම්බන්තොට සහකාර තේ කොමසාරිස් එන් කේ සමරවිර මහතා පවසයි.

ලෝක ප්‍රවණතාවක් වන ඩොලරයේ මිල ඉහළ යාම දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අවධාරණය කෙරේ

ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාම ලෝක ප්‍රවණතාවක් බැවින් එය ආර්ථිකමය වශයෙන් සාකච්ඡා කරනු මිස දේශපාලන අරමුණු වෙනුවෙන් එයට අර්ථකථන දීම කිසිසේත් සුදුසු නොවන බව වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා කියයි.  මේ අවස්ථාවේ රජයක් ලෙස කළ යුත්තේ එය නිවැරදිව හදුනාගෙන අවශ්‍ය දීර්ඝකාලීන ප්‍රතිපත්ති සකස් කිරීමයි.  රුපියල ශක්තිමත් කිරීම අවශ්‍ය වන අතර  ඒ සදහා වෙනත් අපනයන ක්‍ෂේත්‍ර . නිෂ්පාදන ක්‍ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජාතික ගුවන් විදුලියට අදහස් දක්වමින් ඔහු සදහන් කළේය.

ජනවාරි මාර්තු අතර කාලයේදි තේ අපනයනයේ වර්ධනයක්

මේ වසරේ ජනවාරි මාර්තු අතර කාලයේදි තේ අපනයනයේ වර්ධනයක් සිදුවි ඇතැයි සමික්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි. එය කිලෝ ග්‍රූම් මිලියන 68 යි දශම 9 කි. ඉකුත් වසරේ එම කාල සිමාවේදි අපනයනය කර ඇත්තේ කිලෝ ග්‍රූම් මිලියන 68 යි දශම 4 වෙයි. රුසියාව ඉරාකය. තුර්කිය. සහ ඉරානය වැඩිම තේ ප්‍රමාණයක් මිලදි ගත් රටවල්වේ.

මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම මේ වනවිට ඩොලර් කෝටි 25 ක්

  මෙරට   මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම මේ වනවිට ඩොලර්  කෝටි  25 ක් බව ශ්‍රි ලංකා මැණික් හා ස්වර්ණභරණ  සංගමයේ සභාපති එම්.එම්.එම්.  ඉමිටිසම් මහතා පවසයි.  . මැණික් අපනයනයෙන්   ශ්‍රි ලංකාව උපයාගෙන ඇති ඉහළම ආදායම    1980 දි  ලබාගෙන  තිබේ. එය ඩොලර් කෝටි 50 කි.    ක්ෂේත්‍රය මුහුණ පා ඇති  විවිධ ගැටඵ්  හේතුවෙන් ඉන්පසුව එම ආදායම  උපයා ගැනිමට නොහැකි වි ඇතැයි කොළඹ  පැවති මාධ්‍ය  හමුවකදි ඔහු සදහන් කළේය.