Wed12192018

Last updateSat, 15 Dec 2018 1pm

Business News

රබර් සදහා නිසි පාලන මිලක්

රබර් සදහා නිසි පාලන මිලක් වසර පුරා පවත්වා ගැනිම සදහා අතිරික්ත රබර් කිරි ගබඩා  කර තබා ගනිමින් අවශ්‍ය ප්‍රමාණයට  නිෂ්පාදකයන්ට  ලබාදිමේ සැලසුම් සහගත  වැඩපිළිවෙලක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය අරඹයි.  කුඩා පරිමාණ රබර් ගොවින් හා  නිෂ්පාදකයන් පුහුනු කිරිමේ ආයතන  පරිශ්‍රයේ හෝ  ඒ ආසන්නයේ  රබර් තොග ගබඩා කිරිමේ හා මිලදි ගැනිමේ  ගොඩනැගිලි  ස්ථාපිත කෙරෙනු ඇත.

තේ දඵ මිල ඉහලට

අමු තේ දඵ කිලෝවක මිල මේ වන විට රුපියල් 105 දක්වා ඉහල ගොස් තිබේ. කුඩා තේ වතු හිමියන් පවසන්නේ තේ දඵ මිල ඉහල ගියද අස්වැන්නේ යම් අඩුවීමක් පෙන්නුම් කරන බවයි. පවතින කාලගුණික වෙනස්වීම් ඊට හේතුවී තිබේ. මේ වන විට වගාවන්ට පොහොර යෙදීම් ආරම්භ කර ඇත.

ඉකුත් මාර්තු මාසයේදී අපනයන ක්‍ෂේත්‍රයෙන් ඉහළම අගයක්

 

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ඉකුත් වසරේදීි විදේශිීය ආයෝජන හා මුල්‍ය ගිවිසුම් 52 කට අත්සන් තබා ඇත. ඒවායේ වටිනාකම ඩොලර් මිලියන 5022 කි. ඉකුත් වසරේ මෙරටට මුල්‍ය දායකත්වය ලබාදුන් ප්‍රධානතම රට වන්නේ චිනයයි. මෙම මුදලින් සියයට විසිඑකකට වැඩි ප්‍රමාණයක් ඔවුන් ලබාදි ඇත. ඉන් අනතුරුව ජපානය. ලෝක බැංකුව. ආසියානු සංවර්ධන බැංකුව සිටි.

.මේ වසරේ මාර්තු මාසයේදී කුඩා පෙට්‍රල් මෝටර් රථ සහ දෙමුහුන් රථ ආනයනය ඉහළයාම හේතුවෙන් පෞද්ගලික භාවිතය සදහා වන රථවාහන ආනයන වියදම් ඉකුත් වසරේ එම මාසයට සාපේක්ෂව දෙගුණයකට වඩා ඉහළ ගොස් තිබේ. මේ වසරේ මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සදහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව අනාවරණය කරයි. මාර්තු මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1979 කි. ඉන් ඩොලර් මිලියන 150 ක් වියදම් කර ඇත්තේ රථවාහන ආනයනය වෙනුවෙනි. 2017 වසරේ එම මාසයේ ඒ සදහා වැයවී ඇත්තේ ඩොලර් මිලියන 74 යි දශම 5 කි.

ලෝක වෙළූඳපලේ බොර තෙල් මිළ පහතට

ලෝක වෙළූඳපලේ බොර තෙල් මිළ පහත වැටෙයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ පස්වරුවේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 73 යි ශත 91 ක් වශයෙනි. එය සියයට 1 යි දශම 8 ක මිල අඩුවීමකි. මේ අතර ලයිට් ස්වීට් වර්ගයේ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 64 යි ශත 30 දක්වා සියයට දශම 7 කින් පහත වැටී තිබේ.

වි අලෙවි මණ්ඩලය අඛණ්ඩව වි මිලදී ගැනිමට සුදානම්

වී අලෙවි මණඩලය තවදුරටත් ගොවීන්ගේ වි මිලදි ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  ඒ අනුව අවශ්‍ය ගබඩා පහසුකම් සැලසිමට පියවර ගෙන තිබේ.  රජයේ ගබඩා ප්‍රමානවත් නොවේ නම් පුද්ගලික අංශයේ වී ගබඩා ද ඒ සඳහා ප්‍රයෝජනයට ගැනේ.  මණඩලය ගොවින්ගේ වි සම්පුර්ණයෙන්ම මිලදි ගැනිමට ඉදිරිපත් නොවුනත් ගොවීන්ට නියමිත මිලක් නොලැබෙන්නේ නම් වී අලෙවි මණඩලය මැදිහත්වි ඉහළ මිලක් ලබාදිමට කටයුතු කරන බව ඇමතිවරයා කීවේය.  පසුගිය මහ කන්නයේ වි අලෙවිකර ගැනීමට නොහැකි වී ඇත්නම් ඒවා ද මිලදී ගැනේ.