Tue09182018

Last updateMon, 30 Jul 2018 10am

Business News

පොහොර සහනාධාරය සදහා රුපියල් මිලියන 39 දහසක්

මේ වසරේ පොහොර සහනාධාරය සදහා රුපියල් මිලියන  39 දහසක් වෙන්කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.  වී නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම එලවඵ සහ පලතුරු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව ගොවීන්ට අවශ්‍ය පොහොර නියමිත කාලයට හිගයකින් .ෙතාරව ලබාදීමට විධිමත් වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සදහන් කරයි.

ලෝක රබර් සමුඵව කොළඹ දි හෙට සහ අනිද්දා

 

ජාත්‍යන්තර රබර්  අධ්‍යයන කණ්ඩායම සංවිධාන කරන ලෝක රබර් සමුඵව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දි හෙට සහ අනිද්දා  පැවැත්වේ  තිරසර සංවර්ධනය උදෙසා බාධකය ජයගැනිම තේමාව යටතේ  මෙවර සමුඵව පළමු වරට  ශ්‍රි ලංකාවේ පැවැත්විම විශේෂත්වයකි .මෙම සමුඵවට ලෝකයේ රබර් නිෂ්පාදනකරුවන් රබර් වගා කරන රටවල රාජ්‍ය ආයතනවල  නියෝජිතයන් . රබර්  සැපයුම් කරුවන් . ආයතන ප්‍රධානින් ඇතුඵ නියෝජිතයන්  400 කට ආසන්න පිරිසක් සහභාගි වන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒ. රංජිත් මහතා පවසයි . මෙම සමුඵව ශ්‍රි ලංකාවට බෙහෙවින් වැදගත් වෙ.්  මෙරට රබර් නිෂ්පාදකයන්ට මෙන්ම මහා පරිමාණ රබර් වගාකරුවන්ට මෙය හොඳ අවස්ථාවක් බව ද  හෙතෙම කිය.   රබර් සදහා හොඳ මිලක් මෙන්ම හොඳ වෙළඳපලක්  හදුනාගැනිමට මෙමගි්න් අවස්ථාව උදාවේ

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ශ්‍රීී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කෙරේ

 

 

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ශ්‍රිී ලංකාවේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කිරීමට දෙපාර්ශ්වයම එකගත්වය පළ කරයි.  එම ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි 360 ඉක්මවයි.  දැන් මැනිලා හි පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ  51 වැනි සංවත්සර රැස්විමට සහභාගි වන මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා මෙම ව්‍යාපෘති පිළිබඳව එම බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන ඉන්චෑන් සොන්ග් මහතා සමග අද සාකච්ඡාවක් පැවැත්වීය.  ශ්‍රීී ලංකාවේ ආර්ථික වර්ධනය සදහා අදාල ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුව ණය මුදල් . ප්‍රදාන සහ තාක්ෂණ ආධාර සපයයි.  ජනතාවගේ විශේෂයෙන් දිළිදු ජනතාවගේ . කාන්තාවන්ගේ සහ ළමයින්ගේ ජීවන තත්ත්වය ඉහල නැංවීමට මෙම ව්‍යාපෘති ඉවහල් වෙයි.  ඉදිරි පස් වසර තුල ශ්‍රීී ලංකා රජයේ ප්‍රධාන සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සදහා ආසියානු සංවර්ධන බැංකුව අඛණ්ඩව ආධාර සපයයි.  එහිදී රැකියා අවස්ථා උත්පාදනය . ආදායම් වර්ධනය . ග්‍රාමීය ආර්ථික සංවර්ධනය  සහ අපනයන සංවර්ධනය ඇතුඵ ආර්ථික විවිධාංගකරණය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ.  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා ඇතුඵ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එම සාකච්ඡාවට සහභාගි වුහ.

සහල් හා තිරිගු පිටි මිල වැඩි නොවන බව අවධාරණය කෙරේ

සහල් සහ තිරිගුපිටි මිල වැඩිකිරිමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා මුලතිව් හි පැවැති වැඩසටහනකදි කිවේය. 
කිරිපිටි මිල වැඩිවෙන්නේ අද සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි සදහා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි. මේ නිසා දැනට වෙළෙදපලේ ඇති සම්පුර්ණ යොදය සහිත කිරිපිටිවල මිල ගණන් කිසිසේත් වෙනස් නොවන බව එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි. ආනයනික කිරිපිටි කිලෝ ග්‍රුමයක මිල රුපියල් 50 කින් ද ග්‍රුම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින්ද ඉහල යනු ඇත. ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 860 ක් ලෙසද ග්‍රුම් 400 ක පැකැට්ටුවක මිල රුපියල් 345 ක් ලෙසද මිල ගණන් සංශෝධනය වි ඇත. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කිරිපිටි කිලෝ ග්‍රුමයක මිල රුපියල් 75 කින් ඉහල නංවන ලෙස ඉල්ලිමක් කර තිබුණි. රජය එය ප්‍රතික්ෂේප කලේය

ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල පහතට

ඇමරිකා එක්සත් ජනපදයේ දෛනික ඉන්ධන නිෂ්පාදනය වැඩි වූ බවට පලවූ වාර්තාවල බලපෑමෙන් ලෝක වෙළඳපලේ ඛනිජ තෙල් මිල පහත වැටෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ඒ අනුව ඊයේ දහවල් වන විට ලෝක වෙළඳපලේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 74 යි ශත 11 ක් වශයෙනි. එය සියයට දශම 8 ක පමණ මිල අඩු වීමකි. ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය දෛනික ඛනිජ තෙල් නිෂ්පාදනය නැවතත් වාර්තාගත අයුරින් බැරල් මිලියන දස සහස් දෙසිය හැට හතරක් දක්වා වැඩි වී ඇති බව සඳුදා අනාවරණය විය.