Tue09252018

Last updateMon, 30 Jul 2018 10am

Business News

ලෝක වෙළූඳපලේ බොර තෙල් මිළ පහතට

ලෝක වෙළූඳපලේ බොර තෙල් මිළ පහත වැටෙයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ පස්වරුවේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 73 යි ශත 91 ක් වශයෙනි. එය සියයට 1 යි දශම 8 ක මිල අඩුවීමකි. මේ අතර ලයිට් ස්වීට් වර්ගයේ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 64 යි ශත 30 දක්වා සියයට දශම 7 කින් පහත වැටී තිබේ.

ඉකුත් මාර්තු මාසයේදී අපනයන ක්‍ෂේත්‍රයෙන් ඉහළම අගයක්

 

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ඉකුත් වසරේදීි විදේශිීය ආයෝජන හා මුල්‍ය ගිවිසුම් 52 කට අත්සන් තබා ඇත. ඒවායේ වටිනාකම ඩොලර් මිලියන 5022 කි. ඉකුත් වසරේ මෙරටට මුල්‍ය දායකත්වය ලබාදුන් ප්‍රධානතම රට වන්නේ චිනයයි. මෙම මුදලින් සියයට විසිඑකකට වැඩි ප්‍රමාණයක් ඔවුන් ලබාදි ඇත. ඉන් අනතුරුව ජපානය. ලෝක බැංකුව. ආසියානු සංවර්ධන බැංකුව සිටි.

.මේ වසරේ මාර්තු මාසයේදී කුඩා පෙට්‍රල් මෝටර් රථ සහ දෙමුහුන් රථ ආනයනය ඉහළයාම හේතුවෙන් පෞද්ගලික භාවිතය සදහා වන රථවාහන ආනයන වියදම් ඉකුත් වසරේ එම මාසයට සාපේක්ෂව දෙගුණයකට වඩා ඉහළ ගොස් තිබේ. මේ වසරේ මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සදහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව අනාවරණය කරයි. මාර්තු මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1979 කි. ඉන් ඩොලර් මිලියන 150 ක් වියදම් කර ඇත්තේ රථවාහන ආනයනය වෙනුවෙනි. 2017 වසරේ එම මාසයේ ඒ සදහා වැයවී ඇත්තේ ඩොලර් මිලියන 74 යි දශම 5 කි.

ශ්‍රී ලංකා දැව කර්මාන්තයට ඉහල වටිනාකමක්

ශ්‍රී ලංකා දැව කර්මාන්ත වටිනාකම ඉහල නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි.  ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විවිධ කර්මාන්ත හා සැසදීමේ දී දැව හා දැව ආශ්‍රිත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පෙන්වන ප්‍රගතිය මන්දගාමි බව වාර්තා තහවුරු කරයි.  වනාන්තරවල ආරක්ෂාව සහ ධාරිතාව අතර සමබරතාවක් පවත්වා ගනිමින් දැව නිෂ්පාදන සංවර්ධනය කළ යුතු බව රජය අවබෝධ කර ගෙන තිබේ.  මේ සදහා නවෝත්පාදන මධ්‍යස්ථාන ඉදිකිරීමට මුදල් වෙන් කර ඇත.

වි අලෙවි මණ්ඩලය අඛණ්ඩව වි මිලදී ගැනිමට සුදානම්

වී අලෙවි මණඩලය තවදුරටත් ගොවීන්ගේ වි මිලදි ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  ඒ අනුව අවශ්‍ය ගබඩා පහසුකම් සැලසිමට පියවර ගෙන තිබේ.  රජයේ ගබඩා ප්‍රමානවත් නොවේ නම් පුද්ගලික අංශයේ වී ගබඩා ද ඒ සඳහා ප්‍රයෝජනයට ගැනේ.  මණඩලය ගොවින්ගේ වි සම්පුර්ණයෙන්ම මිලදි ගැනිමට ඉදිරිපත් නොවුනත් ගොවීන්ට නියමිත මිලක් නොලැබෙන්නේ නම් වී අලෙවි මණඩලය මැදිහත්වි ඉහළ මිලක් ලබාදිමට කටයුතු කරන බව ඇමතිවරයා කීවේය.  පසුගිය මහ කන්නයේ වි අලෙවිකර ගැනීමට නොහැකි වී ඇත්නම් ඒවා ද මිලදී ගැනේ.

මේ වසරේ මුල් මාස 4 තුල විදේශීය සංචාරකයන් අටලක්ෂ අසූඅටදහස් තුන්සියපනස් නව දෙනෙකු දිවයිනට

මේ වසරේ මුල් මාස 4 තුල විදේශීය සංචාරකයන් අටලක්ෂ අසූඅටදහස් තුන්සියපනස් නව දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.  එය පසුගිය වසරේ අදාල කාලය හා සැසදීමේදී සියයට 16 ක වර්ධනයකි.  වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.  බ්‍රිතාන්‍ය. චීනය. ඔස්ට්‍රේලියාව. ජර්මනිය. හා අමෙරිකාව වැඩි සංචාරකයන් පිරිසක් පැමිණි සෙසු රටවල් වෙයි.