Mon10212019

Last updateTue, 18 Jun 2019 8am

Business News

ලෝක වෙළඳපලෙහි ඛනිජ තෙල් මිල සුඑ වශයෙන් ඉහළට

ලෝක වෙළඳපලෙහි ඛනිජ තෙල් මිල සුඑ වශයෙන් ඉහළ යයි. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල පසුගිය සෙනසුරාදා පස්වරුවේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 62 ක් වශයෙනි.

Read more...

ශ්‍රී ලංගම ට අලුතින් බස් රථ 68 ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස් රථ  68 ක්  එක්වෙයි.   චීනයෙන් ඇනවුම්  කළ  නවීන බස් රථ නවය මේ වන විට එරටින් නැව්ගත කර ඇත. මෙම එක බස් රථයක වටිනාකම රුපියල්  මිලියන   17 යි දශම එකකි. 

Read more...

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සදහා වැඩි අවධානයක්

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සදහා වැඩි අවධානයක් මේ වසරේදී යොමුකරන බව පී හැරිසන් ඇමතිවරයා පවසයි.  පසු අස්වනු තාක්‍ෂණය ප්‍රවර්ධනය මුලික අරමුණයි.  සේනා දළඹු අර්බුදය අවම කරගැනිමට ජනතාවගෙන් උපරිම සහයෝගයක් අපේක්ෂා කරන බවද ඇමතිවරයා කියයි.

සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට දෙකයි දශම දෙකකින් වර්ධනයට


මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට දෙකයි දශම දෙකකින් වර්ධනය වී තිබේ. ජනවාරි මාසයේදී සංචාරකයෝ දෙලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ්ියහ. එය පැහැදිලි වර්ධනයක් බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඉන් වැඩි පිරිස ඉන්දියානුවෝ වෙති.

වැලිගම සමුද්‍රිය සංචාරක සැලැස්ම

 

දේශිය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමට නිල් ආර්ථිකයේ සමුද්‍රිය සංචාරක වැඩපිළිවෙල යටතේ ගාල්ල වැලිගම සමුද්‍රිය සංචාරක සැලැස්ම රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙත භාරදෙනු ලැබීය. මිරිස්ස ධිවර වරායෙන් ක්‍රියාත්මක තල්මසුන් නැරඹිමේ සංචාරක ව්‍යාපාරය විධිමත් කිරීමෙන් එය ඇරඹුනි.  මේ වනවිට සමුද්‍රිය සංචාරක ව්‍යාපාරය කෙරෙහි විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමිවී තිබේ.  එමගින් වැඩි විදේශ ආදායමක්ද ලබාගත හැකි බව වෙදආරච්චි මහතා කියයි.