Business News

මේ වසරේ මුල් මාස 4 තුල විදේශීය සංචාරකයන් අටලක්ෂ අසූඅටදහස් තුන්සියපනස් නව දෙනෙකු දිවයිනට

මේ වසරේ මුල් මාස 4 තුල විදේශීය සංචාරකයන් අටලක්ෂ අසූඅටදහස් තුන්සියපනස් නව දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.  එය පසුගිය වසරේ අදාල කාලය හා සැසදීමේදී සියයට 16 ක වර්ධනයකි.  වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.  බ්‍රිතාන්‍ය. චීනය. ඔස්ට්‍රේලියාව. ජර්මනිය. හා අමෙරිකාව වැඩි සංචාරකයන් පිරිසක් පැමිණි සෙසු රටවල් වෙයි.