Mon10142019

Last updateTue, 18 Jun 2019 8am

Business News

රාමසාන් උත්සව සමයේ අවශ්‍ය තරම් රටඉදි තොග සැපයීමට පියවර

රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සදහා අවශ්‍යතරම් රටඉදි තොග බෙදාහැරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාල බලධාරීන්ට උපදෙස් දෙයි.  මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්. එච්. ඒ. හලීම් සහ ජාතික සමගිය හා සංහිදියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. පවුසි යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව අගමැතිවරයා මෙම උපදෙස්දී තිබේ.  රාමසාන් සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සදහා මුස්ලිම් සිද්ධස්ථාන මගින් රටඉදි බෙදාහරි.  ඉකුත් වසරේ සෞදි අරාබිය නොමිලේ ලබාදුන් රටඉදි ටොන් 150 ක් ද. සතොස මගින් තවත් රටඉදි ටොන් 150 ක්ද බෙදාහැරීමට කටයුතු කෙරින.  මෙවර මැදපෙරදිග අස්වැන්න අඩුවීම නිසා නොමිලේ ලැබෙන රටඉදි  තොග අඩුවීමක් සිදුවී ඇත.  මේ හේතුවෙන් සතොස මගින් ප්‍රමාණවත් පරිදි රටඉදි තොග මැදිපෙරදිගින් ගෙන්වන ලෙස සතොස සභාපතිවරයාට හා මුදල් අමාත්‍යංශයේ නිලධාරින්ට උපදෙස්දී ඇත.  රටඉදි බෙදාහැරීමට මැතිහත්වන ලෙස කාගීල්ස් ආයතනය ඇතුඵ පෞද්ගලික අංශයට ද අගමැතිවරයා උපදෙස්දී තිබේ.