Business News

වෙළඳපලේ මිල තිරකයා බවට සතොස පත්වෙයි

සතොස මේ වින විට වෙළෙඳපලේ මිල තීරකයා බවට පත් වි ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය එස්.එච්.එම් . ෆරාස් මහතා පවසයි මේ වනවිට දිවයින පුරා සතොස අලෙවිසල් 400 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි. එ අනුව පුද්ගලික අංශය ද අඩු මිලට භාණ්ඩ අලෙවි කිරිමට පෙළඹි සිටින බව ෆරාස් මහතා පෙන්වා දෙයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අංශ ප්‍රධානි දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ මේ වනවිට උඩරට හා පහතරට අස්වනු නෙලිම සිදු කෙරෙන බැවින් ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වි තිබෙන බවයි ලීක්ස් හැර අනෙකුත් සියලු එළවඵ මිල ගණන් පහත වැටී ඇත