Tue10232018

Last updateMon, 30 Jul 2018 10am

Business News

අප්‍රේල් මාසයේ මත්ස්‍ය මිලගණන් ඉහල යාම පාලනයට පියවර

 

උත්සව සමයේ මත්ස්‍ය මිලගණන් ඉහල යාම පාලනයට පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති මහින්ද අමරවීර මහතා ලංකා ධීවර සංස්ථාවට උපදෙස් දෙයි.  වෙලෙදපොලේ කුට ව්‍යාපාරිකයන් විසින් සිදු කරන ලබන පාරිභෝගිකයන් ගසා කෑම වැලැක්වීමේ අරමුණින් ඇමතිවරයා මෙම උපදෙස් දී තිබේ.  මේ අනුව උත්සව සමයේ විශේෂයෙන් අප්‍රේල් මාසය පුරාම මත්ස්‍ය වර්ග 4 ක මිලගණන් පහත දැමීමට ලංකා ධීවර සංස්ථාව පියවර ගෙන ඇත.  ඒ අනුව ලින්නා . තලපත් . බලයා සහ ඉස්සන් යන මත්ස්‍ය විශේෂවල මිලගණන් පහල දමා තිබේ.  එම සහන මිලගණන් යටතේ අවශ්‍ය තරම් මසුන් ලංකා ධීවර සංස්ථා අලෙවිසල්වලින් මිලදී ගත හැකි බව එහි සභාපති ජගත් පෙරේරා මහතා පවසයි.  නව සහන මිල යටතේ ලින්නා මත්ස්‍ය කිලෝවක් රුපියල් 250 කටද බලයා කූරියා වශයෙන් කිලෝග්‍රූමයක් රුපියල් 350 කටද . කපන ලද බල කිලෝග්‍රූම් එකක් රුපියල් 550 කටද . තලපත් කිලෝග්‍රූමයක් රුපියල් 720 කටද . ඉස්සන් කිලෝග්‍රූමයක් රුපියල් 890 කටද අලෙවි කෙරේ.