Fri09212018

Last updateMon, 30 Jul 2018 10am

Business News

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ස්ත්‍රී ගිණුමෙන් කාන්තාවන්ට තවත් ප්‍රතිලාභ

අදට යෙදී ඇති කාන්තා දිනය මුල් කර ගනිමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ස්ත්‍රී ගිණුමෙන් කාන්තාවන්ට තවත් ප්‍රතිලාභ ලබාදීමට එම බැංකුව කටයුතු කර ඇත.  මේ යටතේ ඉහල වටිනාකමකින් යුත් ඕකිඩ් පැළ ලබාදීමට පියවර ගෙන තිබේ.  එය හොඳ ස්වයං රැකියා මගක් සදහා යොදා ගත හැකිය.  මෙම ඕකිඩ් විශේෂය සිංගප්පුරුවෙන් ආනයනය කොට ඇත.  ස්ත්‍රී ගිණුමේ රුපියල් 2500 ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන කාන්තාවන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 253  කදී එම ඕකිඩ් පැළය ලබා ගත හැකිය.  රුපියල් 500 කට වැඩි තැන්පතු සදහා විශේෂ වට්ටම් වවුචරයක් ද ලබා දෙනු ඇත.