Tue12112018

Last updateFri, 07 Dec 2018 3pm

Business News

වයඹ පොල් ඉඩම් කැබලි කිරීම සදහා අනුමැතිය ලබාදීම අත්හිටු වෙයි


වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම සදහා අනුමැතිය ලබාදීම වහාම ක්‍රියාත්මක වනපරිදි අත්හිටුවෙයි. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද අදාල ආයතනවලට උපදෙස් දුන්නේය. අත්‍යවශ්‍යම කටයුත්තක් ඇත්තම් ඒ සදහා අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයක් සකස් කරන්නැයි කුරුණැගල දිසා ලේකම් කාර්යාලයේ අද පැවති කුරුණැගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමට එක්වෙමින් එතුමා වයඹ පළාත් සභාව. ප්‍රාදේශිය සභාව හා පොල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය. සීමාවකින් තොරව පොල් ඉඩම් කැබලි කිරීම පොල් මිල ගණන් ඉහලයාමට හේතුවිය. පාරිසරික ගැටඵ රැසකටද එය මග හෙලි කළේය. ඒ පිළිබඳව සැමගේ අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.