Thu06212018

Last updateThu, 21 Jun 2018 9am

Business News

පොල් සදහා ව න උපරිම සිල්ලර මිල තවදුරටත්

වෙළෙඳපලේ පොල්ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල්  75 ක් බව  රජය යලි අවධාරණය කරයි  ඊට වඩා වැඩි මිලකට  පොල් අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව  නෛතික ක්‍රියාමාර්ග ගැනිමට පාරිභෝගික අධිකාරිය අනිවාර්යයෙන්ම ක්‍රියා කරන බව පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති කපිල  යකන්දාවල මහතා කියයි පරිභෝජනයට ප්‍රමානවත් පොල් රටතුළ පවති එම නිසා පොල් වැඩි මිලට අලෙවි කිරිමේ  කිසිදු අවශ්‍යතාවක් නැත  ඇතැම් ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන් ගසා කෑමේ  කූට ව්‍යාපාරයක නිරතව සිටින බවට තොරතුරු ලැබි ඇතැයි  සභාපතිවරයා පවසයි ඇතැම් ව්‍යාපාරිකයන් තවමත් පොල් ගෙඩියක් රුපියල් සියයක් වැනි මිලකට අලෙවි කරන අවස්ථා ද පවති  ඒ අනුව දිවයින පුරා පොල් අලෙවිවන මිල ගණන්  පිළිබඳ වාර්තාවක් ලබාගැනිමට පොල් වගා කිරිමේ මන්ඩලය පියවර ගෙන තිබෙ එම වාර්තාව හෙට  මණ්ඩලයට ලැබිමට නියමිතයි   වැඩි මිලට  පොල් අලෙවි කරන ව්‍යාපාරිකයන් හදුනාගැනිමට එමගි්න් හැකි වෙයි  ඒ අනුව ඔවුන්ට එරෙහිව මිල පාලන නිතිය යටතේ නඩු පැවරෙනු ඇතැයි යකන්දාවල මහතා පැවසිය