Mon02262018

Last updateSun, 25 Feb 2018 6pm

Business News

ඖෂධ ඒකාධිකාරිය බිදඳැමීමත් සමග එමගින් ලැබෙන ප්‍රතිලාභ ජනතාවගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සදහා යොදවන බව විෂයභාර ඇමතිවරයා කියයි

 

රටේ ඖෂධ ඒකාධිකාරය  ඉවත් කිරීමට නිසි පියවර ගැනීමත් සමග එමගින් ලැබෙන ප්‍රතිලාභ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකිය ජාතියක් නිර්මාණය කිීරීමට යොදවන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.  ඉතිහාසයේ කිසිම රජයක් නොකළ පරිදි සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශාල වෙනස්කම් රැසක් සිදු කිරීමට වත්මන් රජයට හැකිවීය.  ඖෂධ මිල අඩුකරමින් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීමට රජය ක්‍රියාකළේය.  එහෙත් ඒ පිළිබඳව සමාජය තුළ සහ ජනතාව අතර අවබෝධයක් නොමැතිවීම කණගාටුවට කරුණක් බව ඇමතිවරයා පවසයි.  ඖෂධ සදහා පැවැති රජයන් වැයකළ අනවශ්‍ය විශාල මුදලක් දැන් ඉතිරි කරගැනීමට හැකිවී තිබේ.  එම මුදල්ද උපයෝගී කරගනිමින් ජනතාවට තවත් සහන ලබාදීමට හැකිවනු ඇතැයි ඇමතිවරයා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතිී සංවාද මණ්ඩපයට අද එක්වෙමිනි.

ලෝක වරාය සැසිවාරයේ 2018 වරාය අධිකාරිය සම්මානය ශ්‍රිී ලංකා වරාය අධිකාරියට

 

ලෝක වරාය සැසියේ 2018 සම්මාන උලෙලේ දී වසරේ වරාය අධිකාරිය සම්මානය දිනා ගැනීමට ශ්‍රීී ලංකා වරාය අධිකාරිය සමත් වෙයි. ඩුබායි හි ග්‍රූන්ඩ් හයාට් හෝටලයේ පසුගියදා පැවති එම සම්මාන උලෙලේ දී ශ්‍රීි ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන කළමනාකරුවන් වන උපුල් ජයතිස්ස හා නලින් අපොන්සු යන මහත්වරු එම සම්මානය ලබා ගත්හ. සම්මාන උලෙලට සමගාමීව දෙදින සමුඵවක් ද පැවැත්විණි. ලෝක වරාය සැසිය වාර්ෂිකව මෙම සම්මාන උලෙල සංවිධාන කරයි. එහිදී සාමාජික වරායවල ක්‍රියාකාරිත්වය හා ඉදිරි සංවර්ධන දායකත්වය කෙරෙහි අවධානය යොමු කෙරේ.

කොටස් වෙලෙදපොල නගරයෙන් නගරයට වැඩසටහන් මාලාවක්

කොටස් වෙලෙදපොල ආයෝජනය හා එහි වර්තමාන ප්‍රතිලාභ පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් කොළඹ කොටස් වෙලෙදපොල සහ ශ්‍රීී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම එක්ව සංවිධාන කරන කොටස් වෙලෙදපොල නගරයෙන් නගරයට වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පානදුරේ ජෙට්වින් හෝටලයේදී හෙට පෙරවරු 9.30 සිට පෙරවරු 11.30 දක්වා පැවැත්වේ.  සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන ඒ සදහා නොමිලේ සහභාගි විය හැකිය.  ලාංකීය කොටස් වෙලෙදපොල හා ප්‍රාග්ධන වෙලෙදපොල පිළිබඳ අත්දැකීම් බහුල වෘත්තිකයෝ දෙදෙනෙක් එහිදී දේශන පවත්වති.

කඩොලාන පරිසර පද්ධතිය ව්‍යාප්ත කිරිමේ වැඩසටහන යටතේ නාවික හමුදාව කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කර අවසන්

 කඩොලාන පරිසර පද්ධතිය ව්‍යාප්ත කිරිමේ වැඩසටහන යටතේ මේ වනවිට කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කිරිමේ කඩඉම  පසුකර ඇතැයි ශ්‍රි  ලංකා නාවික හමුදාව පවසයි. ශ්‍රි ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධති සුරැකිම සදහා ශ්‍රි ලංකා නාවික හමුදාව සුවිශේෂි දායකත්වයක් ලබාදෙන අතර.  මෙම  කර්තව්‍ය සදහා එහි සාගරික හා පරිසර හිතකාමී කමිටුව සහ  සාගරික  සංරක්ෂණ අධික්ෂණ ඒකකය  මූලිකත්වය ගෙන ක්‍රියා කරයි.     පසුගියදා පානම කලපුවේ කඩොලාන පැළ ලක්ෂයක්  වගාකිරිමත් සමග  පැළ ලක්ෂයේ කඩඉම පසු කිරිමට හැකි විය.  පරිසරය සුරැකිමේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා එක්ව  නාවික හමුදාව  මේ වනවිට දිවයිනේ   පරිසර සංරක්ෂණ ව්‍යාපෘති රැසකට දායකත්වය ලබා දී ඇත.

සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට සැපයිම අඛන්ඩව

පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට සැපයීම අඛන්ඩව සිදු කරන බව එහි සභාපති ආචාර්ය ටී කේ එම් බී තෙන්නකෝන් මහතා කියයි. දිවයින පුරා ඇති සතොස ශාඛා ජාලය මේ වසර අවසානය වනවිට 400 දක්වා ඉහල නැංවීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව ග්‍රාමීය මට්ටමින් වරලත් අලෙවි නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ ඇතුල් පැත්ත වැඩසටහනට අද පෙරවරුවේ එක් වෙමිනි. එළැඹෙන උත්සව සමයේ හිගයකින් තොරව භාණ්ඩ සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඔහු සදහන් කළේය. පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් අඛන්ඩව කන්න 3 ක් වගා හානි සිදුවිීම වෙලෙදපොලේ සහල් ඇතුඵ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාමට හේතු විය. වෙලෙදපොලේ පවතින ඉහල ඉල්ලුමට සාපේක්ෂව සැපයුම පහත වැටීම හේතුවෙන් සිදු වන මිලඉහල යාමක් මිස කිසිසේත්ම භාණ්ඩ හිගයක් රටතුල නැතැයි ඔහු අවධාරණය කළේය.