Wed11212018

Last updateTue, 20 Nov 2018 3pm

Business News

ආනයනය කරන වියළි මිරිස්වල ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය

ආනයනය කරන  වියළි මිරිස්වල ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගුදැයි සොයා බලන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි  අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ මොනක්‍රොටපෝස් නැමැති කෘමිනාශකය  ඒ තුළ අඩංගු බවට චෝදනා එල්ලවීම ඊට හේතුව බවයි.  මෙරටට වැඩි වශයෙන් වියළි මිරිස් ආනයනය කරන්නේ ඉන්දියාවෙනි.  එකි කෘමිනාශකය ඉන්දියාව තුළ බහුලව භාවිත කරන බවට අනාවරණය වී තිබේ.

බදු ආදායම රටේ සමස්ත පොදු සේවාවන් හි නඩත්තුවට

 

ව්‍යවසායකත්ය සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් සංවිධාන කළ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැනුවත් කළ වැඩසටහනක් ඉකුත්දා ගාල්ලේ දී පැවැත්වුනි.  එහිදී අදහස් දැක්වු ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ බදු ආදායම රටේ සමස්ත පොදු සේවාවන් හි නඩත්තුවට යොදවන බවයි.  ඒ සියල්ල ලාභය මත තීරණය නොවේ.  පාරිභෝගිකයන්ගේ පාර්ශ්වයෙන් වියදම් ගෙවීම් තීරණය කළ යුතු වෙයි.  බදු ප්‍රතිපත්ති . කම්කරු නිීති . පාරිභෝගික අයිතීන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන බව ඔහු සදහන් කළේය.

වෙලෙදපොලට නිකුත් කරන සියලුම පොල්තෙල් ඇසුරුම් සහිතව ඉදිරිපත් කළ යුතුයි

ලබන වසරේ ජනවාරි මාසයේ සිට වෙලෙදපොලට නිකුත් කරන සියලුම පොල්තෙල් ඇසුරුම් සහිතව ඉදිරිපත් කළ යුතු බව පොල් සංවර්ධන අධිකාරිය සියලුම පොල් තෙල් නිෂ්පාදකයින්ට දැනුම් දෙයි. පරිභෝජනය සදහා අලෙවි කරන පොල් තෙල් බෝතල් හා ඇසුරුම් කර බහාලුම් ගත කළ පොල්තෙල්වල කාණ්ඩ අංකය . නිෂ්පාදිත හා කල් ඉකුත් වන දින . උපරිම සිල්ලර මිල . බර . නිෂ්පාදකයාගේ නම හා ලිපිනය ඇතුඵ තොරතුරු පැහැදිලිව මුද්‍රණය කළ යුතුව තිබේ

මෙම ක්‍රමවේද අනුගමනය නොකරන පොල් තෙල් අලෙවිකරුවන්ට නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව එම අධිකාරිය දැනුම් දෙයි

බිස්නස් දර්ශකයේ ශ්‍රී ලංකාව පියවර 11 ක් ඉදිරියට

 

ලෝක බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඩුයින්ග් බිස්නස් දර්ශකයේ නවතම සංස්කරණයට අනුව ශ්‍රී ලංකාව පියවර 11 කින් ඉදිරියට පැමිණ තිබේ. ලබන වසර වෙනුවෙන් එම දර්ශකය නිකුත් කර ඇත. මේ වසර සදහා ඉදිරිපත් කළ දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිවී තිබුණේ 111 වන ස්ථානයයි. නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව සියවන ස්ථානයට පැමිණ තිබේ.

රටවල් 190 ක සිදුකරන වර්ගීකරණයකට අනුව එම දර්ශකය සකස් කෙරේ. එම දර්ශකයට අනුව නවසීලන්තය. සිංගප්පුරුව. ඩෙන්මාර්කය. හොංකොං. කොරියාව. ජෝර්ජියාව. නෝර්වේ. එක්සත් ජනපදය. එක්සත් රාජධානිය සහ මැසිඩෝනියාව යන රටවල් ඉදිරියෙන් සිටී.

ලෝක වෙළඳපලේ රන් මිල අඩු වෙයි

ලෝක වෙළඳපලේ රන් මිල අඩු වෙයි. පසුගිය අගෝස්තු මාසයෙන් පසුව රන් සඳහා වන අවම මිල මෙම සතිය තුලදී වාර්තා විය. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 1209 යි ශත 65 ක් වශයෙනි. සතියක් තුලදී රන් මිල අඩුවීම සියයට 12 කට ආසන්නය. මේ අතර රිදී අවුන්සයක මිලද ඩොලර් 14 යි ශත 15 ක් දක්වා පහත වැටී තිබේ