Sun11182018

Last updateSat, 17 Nov 2018 9am

නවතම පුවත්

ශ‍්‍රී ලංකා ඉදිකිරීම් 2018

ශ‍්‍රී ලංකා ඉදිකිරීම් 2018 ප‍්‍රදර්ශනය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී හෙට උදෑසන 10 ට විවෘත කෙරේ. මෙහි විශේෂ අමුත්තා වශයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී වීමට නියමිතය.

Read more...

සුගතදාස ක‍්‍රීඩා පිටියට නව කෘතිම ධාවන පථයක්

රුපියල් මිලියන 25 කට ආසන්න මුදලක් වැය කරමින් කොළඹ සුගතදාස ක‍්‍රීඩා පිටියේ ඉදි වු නව කෘතීම ධාවන පථය සුගතදාස ක‍්‍රීඩා සංවර්ධන අධිකාරියට මේ මස 31 වෙනිදා භාරදීමට නියමිතය.

Read more...

රාමසාන් සමය හෙටින් ඇරඹේ

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සව සමය හෙට (18) සිට ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය ඊයේ (16) නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේය. ඒ අනුව මාසයක කාලයක් රාමසාන් උපවාසය පැවැත්වේ.

Read more...

බස් වර්ජනය අත්හිටුවයි

පෞද්ගලික බස් රථ සංගම් විසින් ඊයේ (16)මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබු බස් රථ වර්ජනය අත්හිටුවා තිබේ.

Read more...

පවුල් සොඛ්‍ය සේවා නිලධාරීන්ට නිල ඇදුමක්

ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින උත්සවය පසුගියදා පැවැත්විණ. ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ කැපවීම විශිෂ්ට බව එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදියි.

Read more...

අලුතින් ග‍්‍රාම නිලධාරී පත්වීම් 1739 ක්

දිවයින පුරා පවතින පුරප්පාඩු සඳහා ග‍්‍රාම නිලධාරීන් බඳවා ගැනීම ඉදිරි සති කිහිපය තුළ අවසන් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ග‍්‍රාම නිලධාරී වසම් 14, 022 ක් අතුරින් ග‍්‍රාම නිලධාරී වසම් 2000 කට ආසන්න ප‍්‍රමාණයක පුරප්පාඩු පවතින අතර දැනට ඒවායේ රාජකාරී කටයුතු ආවරණය කරන්නේ ආසන්න වසම් වල ග‍්‍රාම නිලධාරීහුය.

Read more...

දකුණු පළාතේ පැතිරී යන උණ රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි වෛද්‍ය අංශ කියයි

දකුණු පළාතේ පැතිරී යන  වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැතැයි කරාපිටිය  ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසය.ි ඉකුත් දින දෙකේදි  රෝග තත්ත්වයේ අඩුවිමක් පෙන්නුම් කෙරිණි .රෝගය පාලනය කිරිමට ගත් ක්‍රියාමාර්ග  ඊට බලපාන්නට ඇතැයි විශ්වාස කෙරේ.

13 වසරක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිම

රටේ කිසිදු දරුවකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
වසර 2019 සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලූ දරුවන්ට උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව සලසා දෙමින් 13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත රැුකියා පොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමු කිරීමත් රජයේ අරමුණ බව ඇමතිවරයා සඳහන් කරයි.

Read more...

දකුණු කොරියා සහ උතුරු කොරියා සාකච්ඡා අත්හිටුවීමට තීරණයක්

දකුණු කොරියාව සමඟ පැවැත්වෙන සාකච්ඡා අත්හිටුවීමට උතුරු කොරියාව තීරණය කර තිබේ. අමෙරිකාව සමඟ දකුණු කොරියාව ඒකාබද්ධව යුධ අභ්‍යාසයක නිරත වීමට විරෝධය පළ කරමින් බදාදා පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

Read more...

පෞද්ගලික බස් වර්ජනයට ලංගම සුදානම්

අද (16) සිට බස් ගාස්තු සියයට 6.56 කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (15) හිමි විය. ඉකුත් 10 වෙනිදා ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පෞද්ගලික බස් සංගම් බස් ගාස්තු සියයට 10 කින් වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි අතර ඉන්ධන මිල ඉහළ යෑම සැළකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු ඉහළ නැංවිය.

Read more...

රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල පවතින ගැටළු පිළිබඳ සාකච්ඡාවක්

රෝහල් වල පවතින ගැටළු සහ සංවදිවයින පුරා සෑම පළාතකමර්ධන ව්‍යාපෘති පිළිබඳව එම පළාත් වල මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා පියවර ගෙන ඇත.

Read more...

ජාත්‍යන්තර විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය

තොරතුරු දැන ගැනීම මෙන්ම තොරතුරු ලබා ගැනීම ද මිනිස් අයිතිවාසිකමකි. කාර්යබහුල ජීවිතයක් ගත කරන සියලූ දෙනාටම නවීන තාක්ෂණ මෙවලම් හරහා සැලසෙන්නේ අපමණ පහසුවකි. පියවරෙන් පියවර දඩයම් යුගය, කාර්මික යුගය, පසුකරමින් මානවයා මේ වන විට පය තබා ඇත්තේ තොරතුරු යුගයකටය. ජාත්‍යන්තර විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය මැයි මස 17 වෙනිදාට යෙදී තිබේ.

Read more...

උතුරු කොරියාවේ ආර්ථිකයට අමෙරිකාවෙන් සහය

ලොවටම අනතුරක් වන න්‍යෂ්ටික කටයුතු මුළුමනින්ම නවත්තන්නේ නම් උතුරු කොරියාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීමට අමෙරිකාවේ සහය ලබා දෙන බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසයි.

Read more...

‘‘ලංකාවේ තේ වලට මම කැමතියි’’

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කුමේනිතුමන් හමුවුනා. අතීතයේ සිට පවතින ශ‍්‍රී ලංකා ඉරාන සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ඉරාන අධ්‍යාත්මික නායකතුමන් එහිදී පෙන්වා දුන්නා. දෙරට අතර රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ඳතා වගේම ජනතාව අතර පවතින සබඳතාද වැඩි දියුණු කරගත යුතු බව එතුමා පෙනවා දුන්නා.

Read more...

සාමාන්‍ය පෙළ සිසුන්ට පණිවිඩයක්

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් භාර ගැනීම මේ මස 15 වෙනි දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.

Read more...