Thu11152018

Last updateWed, 14 Nov 2018 6pm

නවතම පුවත්

අපොස උසස් පෙළ විභාග අපේක්ෂකයන්ට ප්‍රවේශ පත්‍ර ලබන සතියේ

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ට විභාග ප්‍රවේශපත්‍ර  ලබන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් බි සනත් පුජිත මහතා කියයි.   ලබන මස 06 වැනිදා ආරම්භ වන විභාගය අවසන් වන්නේ  සැප්තැම්බර්  01 වැනිදායි .විභාගයේ කාල සටහන දැන්  විභාග දෙපාර්තමේන්තුවේ  වෙබ් අඩවියේ පළවෙයි. මෙවර උසස් පෙළ විභාගයට අපේක්ෂකයෝ තුන්ලක්ෂ විසිඑක්දහස් හාරසිය  හැටනවදෙනෙක් පෙනි සිටිති.  ඉන්  දෙලක්ෂ හාරදහස් හාරසිය හතලිස් හයක්   පාසල් අපේක්ෂකයෝ වෙති.  මෙවර විභාගයේදි පැය  03 ප්‍රශ්න පත්‍රයක් සදහා සිසුන්ට ප්‍රශ්න කියවා තේරුම්  ගැනිමට විනාඩි  10 ක අතිරේක කාලයක් ලබාදෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි. මෙවර විභාගයේදි තාක්ෂණ උපකරණ භාවිතය වලක්වාලිම සදහා අධි තාක්ෂණික උපකරණ  යොදා ගැනේ.  තෝරාගත් විභාග මධ්‍යස්ථාන  කිහිපයක ඒවා සවි කෙරෙනු ඇත. සෑම විභාග මධ්‍යස්ථානයකටම අතිරේක විභාග ශාලාධිපතිවරයෙක් පත් කෙරේ.   විභාගයේදි  වංචා හා දූෂණ  සිදුවිම වැලැක්විම එහි අරමුණයි