නවතම පුවත්

චිත්‍රපට බෙදා හැරීම යළිත් සංස්ථාව යටතට

චිත්‍රපට බෙදාහැරීමේ බලතල සියල්ල ජාතික චිත්‍රපට සංස්ථාව යටතට ගැනේ. චිත්‍රපට බෙදාහැරීම වසර 18 ක් පැවතියේ සමාගම් 4 ක් යටතේය. කෙසේ වුවත් සිනමා කර්මාන්තයේ අර්බුද විසඳීම සඳහා ජනාධිපතිතුමා පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දි ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි කීවේය.
ඉකුත් කාලයේ පුද්ගලික ආයතන චිත්‍රපට බෙදාහැරීම තුලින් තමන්ට සාධාරණයක් ඉටු නොවු බව සිනමා ශාලා හිමියන් පැවසු බව සභාපතිවරයා තවදුරටත් කිවේය. මේ නිසා මෙරට තිබු 400 ක් පමණ වු සිනමා හල් සංඛ්‍යාව මේ වන විට 177 ක් දක්වා අඩුවි තිබේ. ප්‍රවීන චිත්‍රපට නඑ රවින්ද්‍ර රන්දෙණිය මහතා පැවසුවේ පුද්ගලික ආයතන චිත්‍රපට බෙදා හැරීම නිසා නිෂ්පාදකයා අසරණ වු බවයි. සංස්ථාවට සියයට 10 බැගින් ලබාගත හැකිව තිබු ආදායමක් ද අහිමිවි ගියේය.
සිනමාවට රටතුල වෙලඳපලක් සොයාගත යුතුව ඇතැයි ප්‍රවීන නිළි මාලනී ෆොන්සේකා මහත්මිය කීවාය.