Sun11182018

Last updateSat, 17 Nov 2018 9am

නවතම පුවත්

ඉදිරි මාස 18 තුළ ග්‍රාමීය මට්ටමින් දැවැන්ත සංවර්ධනයක්

 

ඉදිරි මාස 18 තුළ ග්‍රාමීය මට්ටමින් දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ඒ සදහා රජය රුපියල් කෝටි අටදහසක මුදලක් වෙන්කර තිබේ. අලුතින් බදවා ගත් ග්‍රාම නිලධාරීන් 1650 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් අගමැතිවරයා ඒ බව සදහන් කළේය. එම සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කරගැනීම සදහා කැපවී ක්‍රියාකරන්නැයි සියඵම ඇමතිවරුන්ට උපදෙස් දී ඇතැයිද අගමැතිවරයා පැවසීය.

ඇමති වජිර අබේවර්ධන මහතා පැවසුවේ තවත් ග්‍රාම නිලධාරීන් 500 දෙනෙක් ඉදිරියේදී බදවා ගන්නා බවයි. ග්‍රාම නිලධාරීන් සදහා සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම දැන් සිදුවෙයි.
රජයේ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට ග්‍රාම නිලධාරින්ගේ සහාය ලැබිය යුතු බව නියෝජ්‍ය ඇමති ජේ. සී. අලවතුවල මහතා එහිදී පැවසීය