නවතම පුවත්

ගුවන් මගීන්ට දැනුම් දීමක්

නියමිත ගුවන් ගමන් වේලාවට පැය තුනකට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සියලූ ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.


ආගමන විගමන සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම, විදේශිත මණ්ඩල වලට ආගමන විගමන නිලධාරීන් අනියුක්ත කිරීම, දෙපාර්තමේන්තු නඩු පැවරීම් අංශය ක‍්‍රියාත්මක කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් ආගමන විගමන නිලධාරීන් විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් මේ වන විට ගෙන ඇති අතර ඉන් සිදු වන ගුමන් ගමන් ප‍්‍රමාද වීම් අවම කර ගැනීම සඳහා ඉහත දැනුම් දීම් නිකුත් කර ඇත.
ශ‍්‍රී ලංකා ගුවන් සමාගම පවසන්නේ නැවත දැනුම් දෙන තුරු මේ නිවේදනය වලංගු බවයි.