Wed01162019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

නවතම පුවත්

විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය ඊයේ සැමරිණි

ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය මැයි 17 (ඊයේ) වෙනිදාට යෙදී තිබිණ. ඒ වෙනුවෙන් ඊයේ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේ දී දෙදින වැඩමුළුවක් ආරම්භ විය.

එහි ප‍්‍රධාන පුහුණුකරු ලෙස ආසියා පැසිෆික් විදුලි සංදේශ සංගමයේ විශේෂඥ ජොනී කිම් මහතා සහභාගී වු අතර ශ‍්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ශමල් ජයතිලක මහතා ද එහි සමාරම්භක අවස්ථාවට සහභාගී විය.
මෙවර තේමාව ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් යෝජනා කළ තේමාව වුයේ ‘‘සැමට කෘතිම බුද්ධියේ යහපත් භාවිතය’’ යන්නයි.