Sat08172019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

සාමාන්‍ය පෙළ සිසුන්ගේ ප්‍රවේශ පත්‍රවල ගැටඵවක් ඇතොත් දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍රවල යම් ගැටඵවක් වෙතෙත් කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළේ පසුගිය සිකුරාදා සිට විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමුකළ බවයි. ඒ සම්බන්ධව ඇති ගැටඵ 1911 ක්‍ෂණික දුරකථන අංකය ඇමතීමෙන් දැනුම්දිය හැකිය.
මේ අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අවශ්‍ය ජාතික හැදුනුම්පත් නිකුත් ිකිරීම මේ වනවිට අවසන් කර ඇති බවයි. මෙවර අලුතින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සදහා අයදුම්පත් තුන්ලක්ෂ අනුපන් දහසක් දෙපාර්තමේන්තුවට ලැබි තිබිණ. ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ වයස් සීමාව අවුරුදු 15 දක්වා අඩු කිරිම හේතුවෙන් ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මේ දක්වා ජාතික හැඳුනුම්පත නොලද හෝ එහි කිසියම් වෙනසක් සිදු කළ යුතු අපේක්ෂකයෙකු සිටින්නේ නම් කඩිනමින් දෙපාර්තමේන්තුවට පැමිණ එය සකස් කර ගන්නැයි ගුණතිලක මහතා දැනුම් දෙයි. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ දින මෙවර ප්‍රකාශයට පත් නොකරන බවද ඔහු සදහන් කරයි.