Sat02162019

Last updateThu, 14 Feb 2019 9am

නවතම පුවත්

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් කරන බව පැවසුවත් ඉන් දුම්රිය ධාවනයට විශාල බලපෑමක් සිදුනොවන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කියයි

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයක් කරන බව ප්‍රකාශ කර තිබුනද ඉන් දුම්රිය ධාවනයට විශාල බලපෑමක් සිදුනොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.  දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය වාර 375 න් 300 ක් හෙට දිනයේදි ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ.  වෘත්තිය සමිති සමග ඊයේ පැවති සාක්චඡාවේදී ඔවුන්ගේ ඉල්ලිම් සියල්ල ඉටුකිරීමට එකගතාව පලකෙරිනි.  ඒ සම්බන්ධයෙන් පත්කර ඇති අනුකමිටුවේ ප්‍රධානී අමාත්‍ය  අචාර්ය සරත් අමුණුගම මහතා සමග සාකච්ඡාවක් මේ සතිය ඇතුලත ලබාදිමට ද එකගතාව පලකර තිබේ.  එවැනි අවස්ථාවක මෙවැනි වර්ජනයක නිරතවිමට වෘත්තිය සමිති කිහිපයක් කටයුතු කිරිම දේශපාල බලපෑමක් මත සිදුවන්නේ දැයි සැක සහිත බව ඔහු පවසයි.  මේ අතර දුම්රිය සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර සේවයට වාර්තා නොකරන අනියම් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ගුවන් විදුලියට පැවසීය.

ඉදිරි දින දෙකේදි තද සුළං තත්ත්වයක්

මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුම් ප්‍රදේශවල පැය කිලෝමිටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුන අංශ සඳහන් කරයි.  දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල මෙම සුළං තත්ත්වය ලබන 31 වැනිදා දක්වා බලාපොරොත්තුවේ.

සැඩපහරකට හසුවු තිදෙනෙකු බේරාගැනීමට ගිය පොලිස් නිලධාරියෙකු අතුරුදන්

මාදම්පේ ගල්මුරුව දකුණ ගල්වල ප්‍රදේශයේ සැඩපහරකට හසුවු තිදෙනෙකු බේරාගැනීමේ යෙදුනු පොලිස් නිලධාරින් අතරින් පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත් මහතා සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්වී ඇතැයි පොලිසිය පවසයි.  සැඩපහරට හසුවු පුද්ගලයන් බේරා ගැනිමට මාදම්පේ පොලිස් ස්ථානයේ සෙසු නිලධාරිහු සමත්වුහ.  අයහපත් කාලගුන තත්ත්වය හේතුවෙන් පසුගිය 16 වැනිදා සිට මේ දක්වා පුද්ගලයන් 17 දෙනෙකු මරණයට පත්ව එක් අයෙකු අතුරුදන්වී තිබේ.

රත්මලාන ප්‍රදේශයේ වෙඩි තැබිමකින් නාගරික මන්ත්‍රිවරයෙකු ජිවිතක්ෂයට

 

ඊයේ රාත්‍රියේ   8.30 ට පමණ  රත්මලාන ප්‍රදේශයේ  ඥාණේන්ද්‍ර මාර්ගයේ සිදු වු  වෙඩි තැබිමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා  කඵබෝවිල  රෝහලට   ඇතුළත් කිරිමෙන් පසු එක් අයෙකු මියගොස් තිබෙ.්   මරණකරු  වයස අවුරුදු  62 ක් වූ  රත්මලාන පදිංචි කේ. රංජන් සිල්වා වන අතර ක්‍රිකට් ක්‍රිඩක  ධනංජය සිල්වා පියාණන් වේ   ඔහු දෙහිවල  ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකි.  වෙඩි තැබිමට   හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැත.  සිද්ධිය පිළිබඳව ගල්කිස්ස පොලිසිය  වැඩිදුර විමර්ශන සිදු කරයි.

අයහපත් කාලගුනයෙන් දිස්ත්‍රික්ක 19 ක එක්ලක්ෂ විසිපන්දහසක් පීඩාවට - 14 දෙනෙකු ජිවිතක්ෂයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 140 ක එක්ලක්ෂ විසිපන්දහස් 954 දෙනෙකු අවතැන්වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා කියයි. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 13 කි. පවුල් දහතුන්දහස් 832 ක ජනතාව මේ වන විට ආරක්ෂිත ස්ථාන 251 ක රදවනු ලැබ සිටිති
මේ අතර රාගල ප්‍රදේශයේ ඇළ මාර්ගයක සැඩපහරකට හසුවිමෙන් 09 හැවිරිදි පාසල් දැරියක් ඊයේ ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පිඩාවට පත් ජනතාවට සහන සැලසිම සඳහා රජය මේ වන විට රුපියල් පන්කෝටි හතලිස් ලක්ෂයක් වැය කර ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ සාවිත්‍රි ඩයස් මහත්මිය පැවසුවාය. සහන සේවා කටයුතු අඛණ්ඩව සිදුවෙයි. ජල ගැලීම් නායයාම් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 19ක අවතැන්වි ඇති ජනතාව වෙනුවෙන් සහන සේවා කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ඇය සඳහන් කළාය.
සහන කටයුතු කාර්යක්ෂමව හා විධිමත්ව සිදුකිරිම පිළිබඳව අදාල සියලු අංශ දැනුවත් කර ඇතැයි ආපදා කළමනාකරණ අමාතාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චන්දන රණවීරආරච්චි මහතා පැවසීය.
ආපදා තත්ත්වය හේතුවෙන් නායයාමේ පුර්ව ලක්ෂණ මතු වු ස්ථාන 211 ක් හඳුනාගෙන ඉන් 159 ක් නිරීක්ෂණය කර අවශ්‍ය පියවර ගෙන ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කලේය.

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක පහකට රතු නිවේදන - දිස්ත්‍රික්ක කිහිපයකට ගංවතුර හා නායයෑමේ අනතුරු ඇගවීම්


අද බස්නාහිර. සබරගමුව. දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මිටර් 100 ඉක්මවු වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් මහතා පවසයි. යාපනය. වව්නියාව. සහ මුලතිව් දිස්ත්‍රික්කවලට මිලිමිටර් 75 ඉක්මවු වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.
දිස්ත්‍රික්ක 05 ක ප්‍රා්ෙදශිය ලේකම් කොට්ටිශ කිහිපයක් සඳහා ඊයේ දිනයේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිනි ජයතිස්ස මහතා පවසයි. ඇතිවන වර්ෂාවත් සමග අද දිනයේ ඒ සම්බන්ධයේන නැවත සලකා බැලේ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අතිරේක ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ ් සහන කටයුතු සඳහා දිසා හා ප්‍රාදේශිය ලේකම්වරුන් සම්බන්ධකර ගන්නා ලෙසයි. එසේ නොවුන හොත් අවධිමත් සහන සැලසීම් හේතුවෙන් රජයේ සහන වැඩපිළිවෙලට බාධා එල්ලවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

ප්‍රදේශ රැසක විදුලි සැපයුම අඩාල වෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුම අඩාල වෙයි.  අගලවත්ත. මතුගම. හොරණ ආදී ප්‍රදේශවලින් විදුලිය බිදවැටීම් වාර්තා වී තිබේ.  වර්ෂාවත් සමග විදුලි රැහැන් කඩා වැටිී ඇති බැවින් ඒවා ස්පර්ෂ කිරීමෙන් වළකින්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.  විදුලි බිද වැටීම් පිළිබඳව දුරකථන අංක 1987 ට කඩිනමින් දැනුම් දෙන්නැයි අමාත්‍යංශය ඉල්ලා සිටී.  අකුරට වැඩ කිරීමේ වෘත්තීයස මිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වුවද ආපදා අවස්ථාවකදී නඩත්තු කටයුතු සදහා එක්වන බව විදුලි ඉංජි්නේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා කියයි.

දුම්රිය මාර්ගයේ අවහිර වීමක්

උඩරට  ුදුම්රිය මාර්ගයේ ඔහිය - ඉදල්ගස්හින්න අතර පස් කන්දක්  කඩාවැටිමෙන්  දුම්රිය මාර්ගය  අවහිර  වී තිබෙ.් බදුල්ල  දක්වා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය ගමන් කර ඇත්තේ  ඔහිය දක්වා පමණි. මාර්ගය පිළිසකර  කිරිමේ කටයුතු දැන් සිදුකරන බව දුම්රිය පාලක මැදිරිය කියයි.

නිරිතදිග මෝසම ස්ථාපිත වීමත් සමග දිවයිනේ බටහිර බෑවුම්වලට තද වැසි

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීම නිසා සිදුවිය හැකි ආපදා පෙර සුදානම හා ප්‍රතිචාර දැක්විම වෙනුවෙන් රජය දැනටමත් සුදානමින් සිටින වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරන අමාත්‍යා දුමින්ද දිසානායක මහතා පවසයි. මේ මස 22 වැනිදා සිට ජුනි මස 03 වැනිදා දක්වා ආපදාවට පෙර සුදානම යන මැයෙන් ජනතාව දැනුවත් කිරිමේ දෙසතියක් ප්‍රකාශයට පත්කෙරේ. නිරිත දිග මෝසම සක්‍රියවිම හමුවේ ආපදාවට ලක්විය හැකි දිස්ත්‍රික්ක මෙන්ම ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ හඳුනාගෙන මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව සිය අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවකදි ඇමතිවරයා කිය. දැනටමත් අදාල ප්‍රාදේශිය ලේකම් කොට්ටාශවල නිලධාරින්ට ආපදාවකදී භාවිතයට ගැනිමට අවශ්‍ය භාණ්ඩ හා මුළික මුදල් ලබාදී තිබේ.

Read more...

කලාවැවේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ- ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

පවතින වැසි සහිත කාලගුණයේ බලපෑමෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර තිබේ. කලා වැවේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇතැයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් එම ජලාශවලින් පෝෂණය වන පහළ ගංගා අවට ජනතාවට අවධානයෙන් පසුවන්නැයි මධ්‍යස්ථානය දැනුම් දෙයි.
මේ අතර බස්නාහිර. මධ්‍යම . සබරගමුව. වයඹ. යන පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වැසි සමග අකුණු අනතුරු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාව පවතී . ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ.
මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළගේ වේගය පැයට කිලෝ මීටර් අසූව දක්වා ඉහල යා හැකිය. ධිවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවද දෙපාර්තමේන්තුව කියයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු අනුරුද්ධ පොල්ගම්පොල මහතා ලබන 18 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ

. හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රිවරයෙකු වු අනුරුද්ධ පොල්ගම්පොල මහතා ලබන 18 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකකරුට නිකුත් කර තිබු වරෙන්තුවක් ක්‍රියාත්මක කරමින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.  කිලිනොච්චි අධිකරණයේ සැකකරුට එරෙහිව පවරා ඇති නඩුව සදහා ඇප කොන්දේසි කඩකිරීම මත ඔහුට වරෙන්තුවක් නිකුත් කෙරුණි  සැකකරුව කිලිනොච්චි අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය  බොරඵපස් ලබාගෙන අගුරු චෙක්පත් ලබාදෙමින් රුපියල් එක්කෝටි 13 ලක්‍ෂයක මුල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැණුනි.

බස්ගාස්තු හෙට සිට සියයට 6 කට වැඩි ප්‍රමාණයකින් ඉහලට. - අවම ගාස්තුව වෙනස් නොවේ

හෙට සිට අවම ගාස්තුව රුපියල් 10 ක් වනපරිදි බස්ගාස්තු සියයට 6 යි දශම 5 යි 6 කින් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අද අනුමැතිය දුන්නේය.  ඉන්ධන මිල වැඩිමිත් සමගම ඊට සමගාමීව බස්ගාස්තු සංශෝධනය කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ඇමති මණ්ඩලය හමුවට ඉදිරිපත් කළේය. බස් ගාස්තු සංශෝධනය සදහාවු  විද්වත් මණ්ඩලයේ නිර්දේශයට අනුව නිර්නායකයන් 12 ක් සැලකිල්ලට ගනිමින් මෙය සිදුකර තිබේ. මේ අතර. පෞද්ගලික බස් සංගම් අදාල බස්ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කර සිටි.  ඔවුන්ගේ ඉල්ලීම වන්නේ බස්ගාස්තු සියයට 10 කින් සංශෝධනය කර අවම ගාස්තුව ද ඉහල නැංවිය යුතු බවයි.  එසේ නොවුනහොත් යම් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇතැයි ඔව්හු පෙන්වා දෙති.

මෙරට සංචාරයක් සදහා එක්වු බ්‍රිතාන්‍ය රග්බි කණ්ඩායමේ තවත් ක්‍රිඩකයෙක් මිය යයි

ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටි එංගලන්ත ඩරම් ප්‍රාන්ත රග්බි කණ්ඩායමේ තවත් ක්‍රිඩකයෙකු වන බෙට් තෝමස් රීඩ් අද මිය ගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.  කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රතිකාර ලැබීය.  මීට පෙර කණ්ඩායමේ ක්‍රිඩකයෙකුවු හාවඩ් තෝමස් මිය ගියේය.  මේ පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය.  එහිදී විවෘත තීන්දුවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ මෙම මරණය තුවාල සිදුවීමකින් හෝ රෝගයකින් සිදුවු මරණයක් නොවන බවයි.  සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රස පරීක්ෂක වෙත යැවීමට තීරණය කෙරින.  මෙම රග්බි කණ්ඩායම ඉකුත්දා කොළඹ සී ආර් සහ එෆ් සී ක්‍රිඩාංගනයේදී සුහද රග්බි තරගයකට සහභාගිවීමෙන් පසු කොළඹ හෝටලයක නවාතැන් ගෙන සිටියහ.  එහිදී ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් මෙම ක්‍රිඩකයෝ දෙපල රෝහල් ගතකරනු ලැබුහ.

අධික වැසි හේතුවෙන් ගාල්ල සහ කඵතර පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

 

දැනට පවතින වැසිසහිත කාලගුණ තත්ත්වය නිරිතදිග මෝසම් කාලගුණය ඇතිවිමේ පුර්ව ලක්ෂණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්.එම්.එස්. ප්‍රේමලාල් මහතා පවසයි. නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය ලබන මස 25 වැනිදා වනවිට ආරම්භ වි සැප්තැම්බර් මාසය දක්වා පවති . එහෙත් එම කාලය පුරා වැසි තත්ත්වයක් නොපවතින බවත් වැසි අඩු වැඩි විය හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි. දැනට පවතින කාලගුණ තත්ත්වය යටතේ පෙරවරුවේ දකුණ. බස්නාහිර. පළාත්වල මුහුදු තීරයේ සහ පුත්තලම මුහුදු තීරයේ වැසි ඇතිවන අතර සෙසු පළාත්වල පස්වරු 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති වේ. වැසි සහිත කාලගුණයෙන් දැඩි බලපෑම් ඇති වන බවට මෙතෙක් වාර්තාවී නැතැයි හෙතෙම කියයි.
ජාතික ගුවන්විදුලිය කළ විමසුමකදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අධික වැසි හේතුවෙන් ගාල්ල හා කඵතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක පහත්බිම් වැසි ජලයෙන් යටවි තිබෙන බවයි. ජලය බැස යාම මේ වනවිට සිදුවේ. ගංගාවල ජල මට්ටම් හි ඉහළ යාමක් වාර්තාවි නැතැයි හෙතෙම කියයි.
ගාල්ල දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රි සිට අධික වැසි ඇදහැලෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. අද පෙරවරු 6.00 න් අවසන් වු පැය 24 තළ වැඩි වර්ෂාපතනයක් ලැබි ඇත්තේ ගාල්ල ගිංතොට ප්‍රදේශයටයි. එය මිලිමිටර් 175 කි . එම කාලය තුළ ගාල්ල නගරයට මිලිමිටර් 160 ක වර්ෂාපතනයක් ද . ගෝනපීනුවල ප්‍රදේශයට මිලිමිටර් 125 ක් සහ අක්මීමන ප්‍රදේශයට මිලිමීටර් 98 ක් වශයෙන් වර්ෂාපතනය ලැබී තිබේ.
ඊයේ රාත්‍රියේ පැවති අධික වැසි සමග බේරුවල හා පානදුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇතැයි කඵතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඇළ මාර්ග හා කාණු පද්ධති අවහිර විම මීට හේතු වි ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි.