Thu06202019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

ලබන බදාදා පාසල් වසා තැබිමක් සිදුනොවන බව රජය පවසයි

ලබන බදාදා පාසල් වසා තැබීමක් සිදුනොවන බව රජය පවසයි.  අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කිවේය.  වැරදි ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිමෙන් සමස්ථ පාසල් පද්ධතියටම විශාල අසාධාරණයක් සිදුවන බව ඔහු පැවසීය.  නාස්තිය. දූෂණය. වංචාව. හා හොරකම අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් මේ වන විට සම්පුර්ණයෙන්ම පිටුදැක තිබේ.  පත්විම් හා උස්සවිම් ප්‍රදානය ද දේශපාලන භේදයකින් තොරව සිදුවේ. මෙම අවස්ථාවට එක්වු රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පාසල් වසා තැබිමට කිසිඳු කණ්ඩායමකට හෝ සංවිධානයකට නොහැකි බව කිවේය.