නවතම පුවත්

තැපැල් සේවක වැඩවර්ජනය අවසන්

පුරා දින 16 ක් පැවති තැපැල් සේවක වැඩවර්ජනය නිමාවට පත්වෙයි.  ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයට වාර්තා කිරීමට තැපැල් සේවකයන් තීරණය කර තිබිණි. එහෙත් තම ගැටඑවලට විසඳුම් නොලැබුන හොත් ලබන මස 07 වැනිදා සිට යළිත් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බන්ඩාර මහතා පවසයි.