Mon05202019

Last updateSun, 21 Apr 2019 1pm

නවතම පුවත්

චැනලින් ගාස්තු ඇතුඑ තවත් වෛද්‍ය සේවා කිහිපයක වැට් බද්ද ඉවතට

වෛද්‍ය උපදේශන ගාස්තු. චැනලින් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත මෙතෙක් පනවා තිබූ සියයට 15 ක් වු වැට් බද්ද ජුලි මස 01 වැනිදා සිට ඉවත් කිරිමට රජය තීරණය කර තිබේ.   කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසුවේ මීට අදාලව අද කැබිනට් මණ්ඩලයේදි අනුමැතිය හිමිවු බවයි.  ඒ අනුව 2016 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මකව තිබු වැට් බදු ගාස්තුව ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක නොවේ.  2016 දි වෛද්‍ය උපදේශන ගාස්තු මත හඳුන්වාදුන් අවස්ථාවේදී රෝහල් කාමර ගාස්තු. වෛද්‍ය වෘත්තික ගාස්තු හා චැනල් ගාස්තු යන තෝරාගත් සෞඛ්‍ය සේවා සැපයීමට වැට් බද්ද පනවා තිබුනි.  කෙසේ වුවත් මෙවර ද පෞද්ගලික රෝහල් කාමර ගාස්තු සඳහා පනවා ඇති බදු මුදල්වල කිසිඳු වෙනස්විමක් සිදුවි නොමැත.  වසර 2020 වන විට රජයේ මුඑ අයවැයෙන් සියයට 5 ක් සෞඛ්‍ය සඳහා වෙන්කිරීමට අපෙක්ෂා කරන බව ඇමතිවරයා කියා සිටියේය.