Sat02162019

Last updateThu, 14 Feb 2019 9am

නවතම පුවත්

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේට සිරදඩුවම

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේට එරෙහි නඩුවෙ තින්දුව තමා මෙන් පීඩාවට පත්වන තැනැත්තන්ට යුක්තිය ඉටුකර ගැනිමට කදිම පුර්වාදර්ශයක් සපයනු ඇතැයි මාධ්‍යවෙදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි’
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණයේදී බැන වැදී තර්ජනය කිරිම සමබන්ධයෙන් වැරදිකරු වු පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින් වහන්සේට බරපතල වැඩ සහිතව මාස 6 ක සිරදඩුවමක් නියම කෙරිණි ඊට අමතරව චෝදනා දෙකකට වැරදිකරු වී ඇති බැවින් එක් චෝදනාවකට රුපියල් 1500 බැගින් දඩ නියම කෙරිණි එක්නැලිගොඩ මහත්මියට රුපියල් පනස්දහසක වන්දියක් ගෙවන ලෙසද හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කළේය’ අදාල දඩ මුදල සහ වන්දිය නොගෙවන්නේ නම මාස 3 ක සිරදඩුවමක් ද නියම කර ඇත