නවතම පුවත්

රිය අනතුරක් සිදුකළ යසෝධ රංගේබණ්ඩාර අත්අඩංගුවට

ආරච්චිකට්ටුව කෝට්ටපිටිය හන්දියේ දී ඉකුත් බදාදා සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන ඇත.  ශ්‍රිී ජයවර්ධනපුර රෝහලේ දී අද අලුයම ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත.  රජයේ දේපලක් සාපරාධී හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම . බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කිරීම . කඩුවක් සන්තකයේ තබා ගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදු කිරිම යන චෝදනා යටතේ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.